අබලන් මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් පැවති විරෝධතාවයක්


හලාවත සිට ඉරණවිල, තොඩුවාව හරහා වෙන්නප්පුව - නයිනමඩම දක්වා වන මාර්ගය  ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලමින් පැවති විරෝධතාවයක් හේතුනේ 25 වැනිදා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිටියේය.

හලාවත සිට කොළඹ දක්වා දිවෙන මාර්ගයට සමාන්තරව මුහුද අසන්නයෙන් ඇති මෙම මාර්ගය වසර 40 කින් වත් ප්‍රතිසංස්කරණය කර නොමැති බව විරෝධතාවයට එක්වී සිටි පිරිස් කියා සිටියේය.

මෙම මාර්ගය දෙපස පදිංචිවී සිටි බහුතරයක් ධීවරයින් වන අතර, ඇතම් ස්ථාන වල ඉස්සන් අභිජනන මධ්‍යස්ථාන මෙන්ම තරු පන්ති සංචාරක හෝටල්ද පිහිටා ඇත.මෙම නිසා විශාල ආර්ථික වටිනාකමක් මෙම මාර්ගයේ ඇති බ විරෝධතාකරුවෝ කියා සිටියේය.එමෙන්ම හලාවත - කොළඹ මාර්ගයේ යම් වාහන තදබදයක් ඇති වූ විට විකල්ප මාර්ගයක් ලෙස  මෙම මාර්ගය භාවිතා කළ හැකි බවද ඔවුන් කියා සිටියේය.
පසුගිය රජය සමයේ මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බවට විවිධ දේශපාලකයින් විසින් පොරොන්දු ලබා දුන්නද ඒ කිසිවක් ඉටු නොවූ බවත්,වැසි දිනවලදී මෙන්ම අනෙකුත දිනවදීද මාර්ගයේ ගමන් කිරීම ඉතාමත්ම අසීරු බවද ඔවුන් කියා සිටියේය.

විරෝධතාවයට එක්වී සිටි පිරිස් මාර්ගය ස්ථාන ගනනාවකින් වසා දමන ලදි.ඇතැම් ස්ථාන වලට ධීවර යාත්‍රා ගෙනවිත් තිබූ අතර මාර්ගයේ ඇති විශාල වලවල් වල ඇතමුන් මසුන් මරණ ආකාරයකද දක්නට ලැබුණි.
විරෝධතාවයට එක්වී සිටි පිරිස් අතරට පැමිණි හලාවත හිටපු නගරාධිපති හලාවත ආසනයේ එක්සත් ජාතික පක්ෂ සම සංවිධායක හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමන් පසුගිය මැතිවරණයේදී ජයග්‍රහණය කළේ නම් මේ සම්බන්ධයෙන් හඬක් නැගීමට හැකියාව තිබූ බවය.නමුත් අගමැති වරයා සමග මෙන්ම රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සමග සාකච්ඡා කර තමන් යම් විසදුමක් ලබා දීමට කටයුතු කරන බවය.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා විරෝධතාකරුවන් අතරට අවසානයේ පැමිණියේය.
“මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ළගදීම ආරම්භ කිරීමට නියමිතයි.දැනට අවශ්‍ය කටයුතු සංවිධානය කර තිබෙනවා.නමුත් ඒ කුමන ව්‍යාපෘතියෙන් දැයි පැවසීමට හැකියාවක් නැහැ.නමුත් කුමන ආකාරයකට හෝ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ඉදිරියේදී සිදු වනවා.”
මන්ත්‍රීවරයා කියා සිටියේය.
විරෝධතාවය පැවති අතර තුර ප්‍රදේශයට දැඩි පොලිස් රැකවල් යොදා තිබුණි.විරෝධතාවය හේතුවෙන් සංචාරක හෝටලයක පැවති මංගල උත්සවයකට සහභාගි වීමට පැමිණ සිටි පිරිසක්ද අපහසුතවයට පත්ව  ඇති බවක් දක්නට ලැබුණි.පොලීසිය මැදිහත්වී ඔවුන්ගේ ගමනා ගමන කටයුතු සකස් කර දෙන ලදි.


















තොඩුවාව හලාවත ප්‍රධාහන මාර්ගය අබලන්

තොඩුවාව හලාවත ප්‍රධාහන මාර්ගය අබලන් වීම නිසා අඹකඳවිලදී පාර මැද කෙසෙල් පැළ සිටවා , පාර මැද ඇති වල් වල ධීවරයන් මාළු අල්ලයි :D සම්පුර්ණ විස්තර හා චායරුප බලාපොරොත්තුවන්න...Lie us fb.com/thoduwawaVisit www.thoduwawa.com

Posted by Thoduwawa.com on Sunday, October 25, 2015
වීස්තර හා චායරුප - Jude Samantha 
වීඩියෝ දර්ශන - Sudeera Udayanga
Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...