වයිබර් වලින් හම්බුන ජපන් අයියා වේන්වුන දුක නිසා ජිවිතයේන් සමුගත් මාදම්පේ රුවනි (Photos)



වයිබර් ඔස්සේ දෑන හදුනාගත් තරුණයේකුගේ සම්බන්දය බිදවෑටිමේන් තමන්ගේ ජීවිතයට සමුදුන් සුරුපිණියක් පිළිබදව පුවතක් අපට මාදම්පේ ප්‍රදේශයේන් වාර්තා වේනවා. 
එම තරුණියගේ මරණ පරික්ෂණයේ දී පවුලේ හිතවතුන් විසින් ප්‍රකාශ කළ කරුණු හදවත සසල කරවන සුලුයි.
ජපානයේ ඉන්නා බව කියූ අයියා කෙනෙකු සමග නිතර වයිබර් මගින් අක්කා කතා කළා. ඒ අයියාගේ අම්මා අකැමැති නිසා ඇසුර නතර කරමුයි ඒ අයියා අක්කාට කියා තිබුණා. මේ නිසා ඇති වූ වේදනාව දරාගත නොහැකිව අක්කා මම මිය යනවා යි එම අයියාට එස්.එම්.එස්. පණිවුඩයක් යවා තිබුණා. 
එහෙත් ඒ අයියාගෙන් ඊට කිසි ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මේ නිසා ඇති වූ වේදනාව දරාගත නොහැකි වූ අක්කා මිය යන්න ඇති බව මා විශ්වාස කරනවා යැයි වයිබර් මගින් ගොඩනැගුණු ආදරයක් බිඳ වැටීම නිසා ඇතිවූ වේදනාව දරාගත නොහැකිව ගෙල වැලලාගෙන මිය ගොස් සිටි තරුණියගේ මරණ පරීක්ෂණයේදී ඇගේ නැගණිය වන ඒකනායක මුදියන්සේලාගේ රශ්මි යශෝධරා ඒකනායක මෙනෙවිය සාක්ෂි දුන්නාය.
මිය ගොස් ඇත්තේ මාදම්පේ, ජයරත්නගම විසූ ඒකනායක මුදියන්සේලාගේ රුවිනි මේඛලා ඒකනායක නමැති අවිවාහක තරුණියකි. ඇය හලාවත නගරයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක, රසායනාගාර පරීක්ෂිකාවක ලෙසින් සේවය කරමින් සිට ඇත. මාදම්පේ කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ඒ.එම්.ටී.එම්. අබේකෝන් මහතා හලාවත දිස්ත්‍රික් මහ රෝහ‍ලේ මෘත ශරීරාගාරයේදී මෙම මරණ පරීක්ෂණය පැවැත්වීය. මාදම්පේ ‍පොලිසියේ කොස්තාපල් (35382) නරසිංහ මහතා සාක්ෂි මෙහෙයවීය.
තවදුරටත් සාක්ෂි දුන් ඒකනායක මුදියන්සේලාගේ රශ්මි යශෝධරා ඒකනායක මෙනෙවිය මෙසේ ද කියා සිටියාය.
මියගොස් ඇත්තේ මගේ අක්කයි. ඇය හලාවත සේවයට යනවා. අපේ තාත්තාගේ බිමත්කම නිසා ඔහු ගෙදරට නොසැලකූ බැවින් අම්මා අපවත් අරන් මාදම්පේ පදිංචියට ආවා. මේ නිසා මමයි අයියයි, මියගිය අක්කයි, අම්මයි ගතවූ වසර අටක පමණ කාලයක් පටන් මාදම්පේ පදිංචිව සිටිනවා.
අක්කා ගතවූ මාස තුනක පමණ කාලයක පටන් ෆේස් බුක් මගින් හඳුනාගත් ජපානයේ ඉන්න අයියා කෙනෙකු සමග නිතර වයිබර් යොදාගෙන කතාබහ කළා.
දිනපතාම මේ දෙදෙනා වයිබර්වලින් කතාබහ කළා. එහෙත් ගතවූ දින කිහිපයක පටන් අක්කා කාලය ගත කළේ හුඟක් හිතේ අමාරුවෙන් බව මට තේරුණා. නිතර එයා කඳුළු සලමින් ඇඬුවා. මා හේතුව විමසූ විට අක්කා කීවා ජපානයේ ඉන්න අයියාගේ අම්මලා අකැමැති නිසා ඇසුර නතර කරමුයි ඔහු කී බව. මම එයාට ගොඩක් ආදරෙයි. එයා නැතිව මට බැහැයි වේදනාවෙන් කීවා. මම අක්කාට අවවාද දෙමින් දුක් නොවී සිටින ලෙසින් ඉල්ලා සිටියා.
මෙම සිදුවීම වූ දිනයේ උදේ අක්කා එයාගේ ස්කූටියේ නැගලා කොහේද ගියා. ටික වේලාවකින් අක්කා ආපසු ආවා. ඒ ඇවිත් එයා එයාගේ කාමරයට ගියා. මම ස්තෝප්පුවට වෙලා ‍පොතක් කියවමින් සිටියා. ඒ අතරේ අක්කාගේ කාමරය දෙසින් කිසියම් ශබ්දයක් ඇසුණු නිසා මම වහාම ඇවිත් ඒ කුමක්දැයි බැලුවා. එවිට අක්කා අල්මාරිය උඩට නැගගෙන සිටිනු දැක අක්කේ මොනවද කරන්නේයි ඇසූ විට ඇය කිවා සතෙක් ඉන්නවා වගේ ඒකයි මම මේ බැලුවේ කියා.
අක්කේ ඔයා බිමට බහින්න නැත්නම් වැටේවියි මම කිවා. එවිට මා දැක්කා අල්මාරියේ ලාච්චු ඇරලා තියෙනවා.
පුටුවක්ද ඒ අසල තියෙනවා. අනතුරුව මම කුස්සියට ගියා. ඒ ගිහින් පැයක් විතර ගිහින් අක්කා පෙනෙන්න නොසිටි නිසා මම අක්කාව බලන්න කාමරය දෙසට ගියා. එවිට කාමරය තුළ කලිසමක් එල්ලෙනු දුටු මා තුළ බියක් ඇති වී මම අසල්වැසි නිවසකට ගිහින් කියලා ඒ නැන්දවත් අරන් ඇවිත් කාමරය බැලුවා.
එවිට අක්කා සාරියකින් ගෙල වැලලාගෙන ඉන්නවා දැක්කා. එය දුටු සැණින් මට සිහිය නැතිව ගියා. ඇය කියාගෙන ගියාය.
මියගිය තරුණියගේ අයියා වන ඒකනායක මුදියන්සේලාගේ රුචිර අකලංක ඒකනායක මෙහිදී සාක්ෂි දුන්නේය.
හලාවත රෝහ‍ලේ සහකාර අධිකරණ වෛද්‍ය ජේ. ටක් එස්. පෙරේරා මහතා පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය පවත්වා මෙම මරණය ගෙල වැලලා ගැනීමෙන් සිදුවූ මරණයක් බවට වාර්තා කර තිබුණි.





  
Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...