අඹකදවිල කෙල්ලෙක් උස්සන්න ගිහිං මාට්ටු

හලාවත - අඹකදවිල පදිංචිව සිටින 23 හැවිරිද තරුණියක් පැහැර ගෙන යාමට සුදානම් වූ බව කියන තරුණයෙක්  ගම්වාසීන් විසින් අල්ලා ගෙන හලාවත පොලීසියට බාර දී තිබේ.

 මහවැව - ලුණුඔය ප්‍රදේශයේ  පදිංචිකරුගවකු වන 26 හැවිරිද තරුණයෙක් මෙලෙස පොලිසියට භාර දී තිබේ.

ඊයේ  සවස හලාවත - අඹකදවිල ප්‍රෙද්ශයට වෑන් රථයකින් ගිය පිරිසක් මත්පැන් පානය කර තිබේ . පසුව ඒ අසලින් ගමන් කර ඇති තරුණියකට උසුළු - විසුළු කර ඇති පිරිස ගමේ දේවස්ථානයේ පියතුමන් ඇයට පණිවිඩයක් ලබා දුන් බව පවසා තිබේ. පසුව එම පණිවිඩය දැන ගැනීම සදහා දේවස්ථානයට යමින් සිටි තරුණියව වෑන් රථගේ සිටි පිරිස විසින් පැහැර ගෙන යාමට උත්සහ කර ඇත.

තරුණියගේ කෑ ගැසීම ඇසී එම ස්ථානයට ගම්වාසීන් එක්වී ඇති අතර වෑන් රථගේ සිටි දෙදෙනකු එම රථයෙන්ම පලා ගොස් ඇති අතර බිම සිටි  එක් තරුණගයකු ගම්මුන්ට කොටුවී ඇත.

තරුණියව පැහැර ගෙන යාමට සුදානම් වූ බව කියන අය තමන්ගේ මිතුරකු පමණක් බව මෙම තරුණයා පොලිසියට පවසා තිබේ.

ගමම තරුණයින්ගෙන් කිසිවකු සමග  තමාගේ සම්බන්ධතාවයක් නොමැති බව තරුණිය පොලීසිය හමුවේ පවසා ඇත.

හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ කර ගෙන යයි.



Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...