තනියවල්ලභාහු රජතුමා තනිවැල්ලේ දෙවියන් වූ හැටි


කොළඹ හලාවත මහා මාර්ගයෙහි ඉතා රමණිය පරිසරයක පිහිටා ඇති මාදම්පා ග්‍රාමයට ප්‍රවේශ වන විට හමු වන කි.මි 62 වැනි කණුව අසල සුප්‍රකට තනිවැල්ලේ මහා දේවාලය පිහිටා ඇත
මෙම ස්ථානය බොහෝ දෙනාට සිහිපත් වන්නේ සුදු පැහැයෙන් යුතු අශ්වයෙකුගේ රූපයත් එසේම වසර 200කත වඩා පැරණි බෝධි වෳක්ෂය බව අපට වාර්තා වුනි...

අප  කණ්ඩායමට   මෙම දේවාලය මෙම ස්ථානයේ හැදුනේ කුමක් හේතුවක් නිසාද යන්න නිසියාකාරව දැනගැනීමට මාස දෙකකට අදික කාලක ගතවිය, මන්ද මෙවැනි  ෛඑතිහාසික  නිර්මාණයන්හි තොරතුරු අද කාලේ ඉන්නා බොහෝ පුද්ගලයින් නොදන්නා නිසාවෙනි,,


අප කණ්ඩායම මෙය ගැන වැඩිදුර විස්තර සොයායන විට  අපට දැනගනිට ලැබුනු තොරතුරු අනුව  1450 සිට 1520 දක්වා ප්‍රාදේශීය රජ කෙනෙනු වූ තනියවල්ලභාහු රජතුමා තමයි තනිවල්ලේ දේවියන් වූයේ කියා,


තනියවල්ලභාහු රජතුමා  පුත්තලම් දිස්ත්‍රිකයේ මුදුබඩ ගම් ප්‍රදේශයේ රජකම් කල රජකෙනෙකි එතුමාගේ මාලිගාව පිහිටලා තිබුනේ මහවැව නගරයෙන් මීටර් 300 නැගෙනහිර දිශාවට වන්න උස් බිමකිය..

ඒ කාලයේදීත් අද කාලයේ වගේම රජතුමාටත්  වෛර කරනා පුද්ගලයින්ද සිටියාය, එකී පුද්ගලයින් විසින් තනියවල්ලභාහු රජතුමාගේ දේවියට ''රජතුමා යුද්ධයේදී මියගියා'' යැයි බොරුවට කිවුවාහ, ඉන්පසු දුකට පත් දේවිය  තනිවැල්ලේ මහා දේවාලය ඉදිරිපිට ඇති ඇලට පැන සියදිවි නසාගෙන ඇත, ඉන්පසු ඒ ඇලට දේවියගේ නම් සනිටුවහන් කරමින් ''මුද්‍රිතා ඇල'' යනුවෙන් නම් තැබුවාය. 

යුද්ධය නිම වී පැමිණෙන  තනියවල්ලභාහු රජතුමා දේවියගේ මියයාම සැලවූ විගසම තනිවැල්ලේ මහා දේවාලයට දකුණු පසින් ඇති තිනිපිටි ඔයාට පැමිණ කඩුව සිටවා කඩුවට පැන හෝ කඩුවෙන් ඇනගෙන සියදිවි නසාගෙන ඇති බව අපගේ විමර්ශනයේදී අප හට දැන ගැනීමට ලැබුණි.  

තනියවල්ලභාහු රජතුමා රජකම් කල සමයේදී තමාගේ යටත් වැසියන්ට කල අපමණ සේවයට එතුමා මිය ගියාට පසු දේවත්වයට පත්විය ,
එතුමාගේ දේවාල 10 කට අදික ප්‍රමාණයක් තිබුනත් ඒ අතරින් විශාලම දේවාලය ලෙස
 ''මාදම්පේ තනිවැල්ලේ මාහ දේවාලයයි'' ලෙසහැදින්වෙයි.





තනියවල්ලභාහු රජතුමා තනිවැල්ලේ දෙවියන් වූ හැටි

Thaniwelle Maha Dewalaya Madampe

Watch Video





අපට මෙම තොරතුරු සොයා ගැනීමට නම් අයුරෙන් 
උපකාර කල සැමට ස්තුතියි! 




Program Director, Presenter and  Script Writing
වැඩසටහන අධ්‍යක්ෂණය, ඉදිරිපත් කිරීම සහා පිටපත 

Wasantha Kumara
වසන්ත කුමාර 

Camera and Video Editing 
කැමරා හා වීඩියෝ සංස්කරණය  

Lakshan Frenando
ලක්ෂාන් ප්‍රනාන්දු 

Program Presenter
වැඩසටහන ඉදිරිපත් කිරීම

Chamara Perera
චාමර පෙරේරා 

Background speech
පසුබිම් කථනය 

Shamin Nimalaka
ශාමින් නිමලක 

Special Thanks 
විශේෂ ස්තුතිය

Dr. Dissanayake ( Iranawila School Principal )
ආචාර්ය දිසානායක ( විදුහල්පති ඉරණවිල පාසැල  )

Dr. Rohana Madadaumarala (Retired Principal Maligawatta)
ආචාර්ය රෝහණ මද්දුමරාළ ( විශ්‍රාමලත් විදුහල්පති )

Mr. Lari Dissanayake  (Retired Village Officer Madampe)
ලැරි දිසානායක මහතා ( විශ්‍රාමලත්  ග්‍රාමනිලධාරී 

To the priest and the staff of Thanivelle Maha Devala
පූජක තුමා ඇතුළු තනිවැල්ලේ මහා දේවාල කාර්ය මණ්ඩලය සැමට 


Production - නිෂ්පාදනය  

www.thoduwawa.lk
www.facebook.com/thoduwawa
admin@thoduwawa.lk
+94 757 86 70 26 


පුත්තලම් දිස්ත්‍රික්කයේ හලාවත ප්‍රදේශයේ ප්‍රථම වරට පර්යේෂණාත්මක තොරතුරු අඩංගු කරමින් අතීතයේ සැගවෙන්නට ගිය තනිවල්ලභාහු රජුගේ දේවාලය පිළිබද සැගවුණ වාර්තාමය වැඩසටහනක් සකස් කිරීමට Thoduwawa.com හි අප සමත්වී ඇත. මෙවැනි ස්ථාන පිළිබද ඉදිරියේදී මෙවැනිම ආකාරයේ වාර්තාමය හා සංස්කෘතිමය වටිනාකමක් සහිත වැඩසටහන් නිර්මාණය කිරීමට ඇප සැම සුදානමින් සිටි. 
එසේනම් මේ ඔබේ අවස්ථාවයි.

දැනගන්න මේ ගැන.... 
කියලා දෙන්න ඔබේ දරුවන්ටත්....
මෙහි සැබෑ සත්‍ය කතාව...
මෙය Share කර අනෙක් අයටත් දැනගන්නට සලස්වන්න.

මෙවැනි තවත් වැඩ සටහන් කිරීමට අපට උදව් කිරීමට ඔබත් කැමතිනම් ඔබටත් අපට දායක විය හැක. Call Viber , Imo or Whatsapp - +94757867026 or email - admin@thoduwawa.lk
Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member