තල්විල වෙරළ තීරය මුහුදු කෑමට ලක් වෙයි


අයහපත් කාලගුණය සමඟ මුහුදු සුළං වැඩිවීම නිසා මාරවිල – තල්විල ප්රයදේශයේ වෙරළ තීරය ස්ථාන දෙකකදී මුහුදු කෑමට පටන් ගෙන ඇත.

මීටර් 400 ක පමණ වූ වෙරළ තීරය මේ වන විට මුහුදු කෑමට ලක් වෙමින් පවතින අතර මෙම හේතුවෙන් වෙරළ ආසන්නයේ තිබූ පොල් ගස් රැසක් ද මුහුදට බිලි වී ඇත. තවත් පොල් ගස් රැසක් මුහුදට බිලි වීමේ අදානමක් ද මතුවී ඇත.

දැඩි සුළං සමඟ මුහුදු රළ ගොඩට ගැලීම හේතුවෙන් හලාවත සිට නයිනමඩම දක්වා ඇති මුහුදු බඩ මාර්ගයේ ගමනා ගමන කටයුතු වලටද බාධා එල්ල වී ඇත. තල්විල ප්රමදේශයේදී සංචාරක හෝටලයක් ආසන්නයේ ඇති එක් ස්ථානයක් දැඩි ලෙස විනාශ වන්නට පටන් ගෙන ඇති බවක් ද දක්නට ඇත.

වැසි ජලය බැස නොයාම හේතුවෙන් නාත්තන්ඩිය මැතිවරණ බල ප්ර්දේශයේ ගම්මාන රැසක ජනතාව පීඩාවට පත් වී සිටින බව පුත්තලම දිස්ත්රි‍ක් පාර්ලිමේන්තු මන්ත්රීඩ අශෝක ප්රිියන්ත මහතා පැවසී ය.







විස්තර හා චායාරූප  – ජුඩ් සමන්ත

Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...