අඹකදවිල 10 ශේණියේ සිසුවිය තමාව තිරිසන් විදියට දූෂණය කළ හැටි හෙළිකරයි


අඹකදවිල ප්‍රදේශයේ පැසැලක 10වන ශේ‚යේ ඉගෙනුම ලැබූ දැරියක් නිවසෙන් රැගෙන ගොස් බොහෝ කලක් තිස්සේ දූෂණය කළ තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසිය සමත් වී තිඛෙනවා.

අදාල සිසුවිය 15 වැනි වියෙහි පසුවන අතර ඇයව දූෂණය කළ තරුණයා ධීවර කර්මාන්තයේ යෙදෙන්නෙකු බව පැවසෙනවා.

දැරියගේ මව විදෙස්ගතව සිට ඇති අතර, ඇය හිඳ ඇත්තේ තම පියාගේ බාරයේ. පසුගිය අප්‍රියෙල් 12 වැනිදා සිට දැරිය නිවසින් අතුරුදන්වී ඇති නමුත් ඇගේ පියා ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන තිබී නැහැ.

විදේශ ගතව සිට මෙරටට පැමි‚ මව තම දිය‚ය සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කරන ලෙස සැමියාට බල කිරීම හේතුවෙන් දැරියගේ පියා පොලීසියට පැමිණ පැමි‚ල්ලක් ඉදිරිපත් කර තිඛෙනවා.

ඒ අනුව දැරිය සහ ඇය රැගෙන ගොස් තබාගෙන සිටි තරුණයා සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබී ඇති බව යි වාර්තා වන්නේ.

අදාළ තරුණයා තමන් සමග තමන් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය අප්‍රියෙල් 12 වැනිදා සවස ඔහු තමන්ව කැදවාගෙන ගිය බවත් දැරිය පොලීසිය හමුවේ පවසා තිඛෙනවා.

දින දෙකක් පෙම්වතාගේ නිවසේ නවාතැන් ගෙන සිට ඉන් පසු 15 වැනිදා කරුවලගස්වැව ප්‍රදේශයේ පදිංචි පෙම්වතාගේ ඥාති බාප්පා කෙනෙකුගේ නිවසකට තමාව රැගෙන ගිය බව යි දැරිය වැඩිදුරටත් පවසා ඇත්තේ.

එදින එම තරුණයා තමා සමග පළමු වරට ලිංගිකව එක් වූ බවත්, එතැන් සිට මේ වන තුරු ඔහු තමා සමග ලිංගික හැසිරීමෙහි නිරත වූ බවත් දැරිය හෙළි කර තිබේ.
වෛද්‍ය පරීක්ෂණ සදහා දැරිය හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර තරුණයා හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිඛෙනවා.
පුත්තලම - ජුඩ් සමන්ත 
Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...