කුලියාපිටියේ රූම් යන කපල් වීඩියෝ කර පෙන්වන තැනක් මාට්ටු වූ හැටි - වීඩියෝ

ප්ලග් වලට කැමරා හයිකරලා
වෙනත් කාමරේක රෙකෝඩින් දාලා

පෙම්වතුන් හට තාවකාලික නවාතැන් පහසුකම් සපයන ලැගුම්හල් මේ වන විට රට පුරා හතු පිපෙන්නාක් මෙන් ව්‍යාප්තව පවතිනවා.  එවැනි ස්ථානවලට ගොස් නොසිතූ අකරතැබ්බයන්ට ගොදුරු වූ පෙම්වතුන් පිළිබදවද විටින් විට පසුගිය කාලයේ තොරතුරු වාර්තා වුණා. 

හිරු CIA තුළින් මේ ඔබවෙත ගෙන එන්නේ තාවකාලික ලැගුම්හල් තුළ සිදුවන තවත් සූක්ෂම ජාවාරමක් පිළිබදවයි.  කුළියාපිටිය ආනන්දගිරි ගාඩ්න්ස් ප්‍රදේශයේ පෙම්වතුන් සදහා තාවකාලික නවාතැන් ලබා දෙන ස්ථානයක් පිහිටා තිබෙනවා. මෙම ස්ථානය පිහිටා ඇත්තේද ගස්වැල්වලින් ගහන මදක් කැලෑබඳ ප්‍රදේශයකයි. 




මෙම නවාතැන් පෙළේ කාමරතුළ ඇති විදුලිය ලබා ගන්නා විදුලි පේනු තුළ සූක්ෂම ලෙස කැමරා සවිකර තිබෙනවා.  එම කැමරාවලින් ලබා ගන්නා දර්ශන වෙනම ස්ථානයක පටිගතවන බවයි CIA කණ්ඩායම සොයාබැලීමේදී හෙළි වූයේ.  

ඊට අමතරව කාමරයේද යහනට මුහුණලාද මෙම සූක්ෂම කැමරා සවිකර ඇති අතර ඉන් ලබා ගන්නා දර්ශන මෙම ආයතනයේ වෙනත් ස්ථානයක ඇති රූපවාහිනියක මුදලට ප්‍රදර්ශනය කෙරෙනවා.  

මේ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ මෙම ස්ථානය පරීක්ෂා කළා.  එහි ඇති පැමිණීමේ සටහන් පොත පරීක්ෂා කිරීමේදී හෙළි වූයේ බොහොමයක් නව යොවුන් වියේ තරුණ තරුණියන් මෙම ස්ථානයට පැමිණ ඇති බවයි. 

මෙවැනි කැමරාවලින් ලබා ගන්නා දර්ශන පසුව සමාජය තුළ හුවමාරු වීම වැළැක්විය නොහැකි කටයුත්තක්.  ඉන් අපහසුතාවයට පත්වන්නේ බොහෝ විට මෙම ස්ථානවලට යන තරුණියන්. 

මෙහි සම්පූර්ණ වීඩියෝව පහතින්......
Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...