පාර හදන්නේ නැත්නම් අපි ඡන්දේ වර්ජනය කරනවා.තොඩුවාව ජනතාව කියති.කැඩුණු පාරේ පොල් සහ කෙසෙල් පැල සිටුවා විරෝධතාවයක.


පුත්තලම - ජුඩ් සමන්ත
පිළිසකර කරන බවට දුන් පොරොන්දු මෙතෙක් වගකිව යුත්තන් ඉටු කර නොමැති බවට චෝදනා කරමින් එම මාර්ගයේ කෙසෙල් සහ පොල් පැල සිටවමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයක නිරත විය.හලාවත සිට තොඩුවාව හරහා මහවැව දක්වා වන මාර්ගය
කිලෝ මීටර් 16 ක් පමණ වන මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බවට තමන්ට විටින් විට දේශපාලගයින් පොරෙන්දු දී ඇතත් ඒ පොරොන්දු එකක් වත් මේ වන තුරු ඉටු වී නොමැති බව ඔවුන් කියති.
මහවැව සිට තොඩුවාව,කුඩා මඩුවැල්ල,බරුදැල්පොල ඇතුළු ධීවර ගම්මාන වෙතත්,හලාවත සිට ඉරණවිල,වැලිහේන,අඹකදවිල ඇතුළු ධීවර ගම්මාන වෙතත් පිවිසීමට ඇති එකම මාර්ගය වන්නේ මෙයයි.
මහා විද්‍යාලයක් ඇතුළු පාසල් කීපයක්ද,බැංකු ඇතුළු රජයේ ආයතන කීපයක්ද ඉරණවිල ඇමරිකන් හඩ සම්ප්‍රේෂනාගාරය,තරු පන්ති සංචාරක හෝටල් රැසක් මෙන්ම ඉස්සන් ගොවිපල සහ අභිජනනාගාර රැසක්ද මෙම ප්‍රදේශයේ පිහිටා ඇත. ඒ අනුව මෙම මාර්ගය ආර්ථික අතින් වටිනාකමක් ඇති මාර්ගයකි.
නමුත් නිසි නඩත්තුවක් නොමැතිකම හේතුවෙන් මාර්ගයේ සෑම ස්ථානයකම විශාල ප්‍රමාණයේ මෙන්ම කුඩා ප්‍රමාණයේ වළවල් සෑදී විනාශ වන්නට පටන් ගෙන ඇත.වැසි සමයේ මෙම සියළුම වළවල් ජලයෙන් පිරී යන බැවින් ගමනා ගමන කටයුතු කළ නොහැකි බව ඔවුන් කියති.

මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් ඉල්ලන සෑම අවස්ථාවකදීම විවිධ ඉදිරි දින ඉදිරිපත් කරන බවත්,කුලියාපිටියේ දී පැවති දැයට කිරුළ යටතේ මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බව පැවසුවද දැයට කිරුළ අවසන්වී මාස කීපයක් ගත වී ඇතත් ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන තුරු ආරම්භ වී නැති බවද  ගම්මු චෝදනා කරති.
දැයට කිරුළ යටතේ මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බවට වූ නාම පුවරුවක්ද කුඩා මඩුවැල්ල ප්‍රදේශයේ සිටුවා ඇත.නමුත් ප්‍රතිසංස්කරණය සදහා වැය වන මුදල එම පුවරුවේ සදහන් නොකිරීමෙන් වංචාවක් සිදු කර ඇති බව ගම්මු කියති.මාර්ගය ප්‍රතිසංස්කරණය ආරම්භ කරන දිනයක් හෝ අවසන් වන දිනයක්ද එහි සදහන් වන්නේ නැත.මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සදහා යැයි පවසා කුඩා මඩු වැල්ල ක්‍රීඩාංගනයට ගල් ගෙනවිත් ගොඩ ගසා ඇති නමුත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා බවද ගම්මු කියති.
අද දිනයේ මාර්ගයේ පොල් සහ කෙසෙල් සිටුවා විරෝධතාවය දැක්වුවත්,ඉදිරියේදී මීට වඩා වැඩි විරෝධතාවයකට තමන් සූදානම් වන බවත්,කෙසේ වෙතත් මාර්ගය ප්‍රතිසංස්කරණය නොකළ හොත් ඉදිරි මැතිවරණ වලදී පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඡන්දය පාවිච්චි කිරීම වර්ජනය කරන බවද ගම්වාසීන් කියති.

Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...