වෙන්නප්පුව,මාරවිල,දංකොටුව,නාත්තන්ඩිය සහ මහවැව අවට 300 ක් දෙනා නිරෝධායනයට යොමුව නැති බව හෙළිවේ !

ඉතාලිය ඇතුළු තවත් රටවල් කීපයකින් පසුගිය දිනවල මෙරට පැමිණ තම නිවෙස් වලට ගොස් සිටින පිරිස් සොයා ගොස් ඔවුන්ව නිරෝධානය කිරීමේ වැඩ සටහනක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මේ වන විට ආරම්භ කර ඇත.ඒ අනුව එම පිරිස් ඔවුන්ගේ නිවෙස් වලම රදවාගෙන අවශ්‍ය නීරෝධායන කටයුතු සිදු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
වෙන්නප්පුව,මාරවිල,දංකොටුව,නාත්තන්ඩිය සහ මහවැව යන ප්‍රදේශ වල පදිංචිකරුවන් 300 කට ආසන්න ප්‍රමාණයක් පසුගිය දිනවල ඔවුන්ගේ නිවෙස් වලට පැමිණ ඇත.නමුත් ඔවුන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති නීරෝධායන ක්‍රියාවලියට එක්වී නොමැති බව සෞඛ්‍ය නිලධාරීන් විසින් කරන ලද සොයා බැලීම් වලදී අනාවරණය වී ඇත. ඒ අනුව ඉතාලිය ඇතුළු වෙනත් රටවල් වලින් මෙරටට ඇතුළුවී නිරෝධායන කටයුතු වලට ලක් නොවූ පිරිස් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පසුගිය දින කීපය තුළ සොයා බැලීමක් කර ඇත.එහිදී අනාවරණය වී ඇත්තේ කුමන ආකාරයකට හෝ මෙම පිරිස් නිරෝධායනය නොවී ගුවන් තොටුපලේ සිට තම නිවසට පැමිණ ඇති බවය.
එම පිරිස් තම නිවෙස් වලට සීමා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.නිවෙස් වල රැදී සිටින ඔවුන්ව එහිදීම අවශ්‍ය නිරෝධායනය කටයුතු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.දිනපතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වෛද්‍යවරුන් ඔවුන් සොයා ගොස් තොරතුරු ලබා ගැනීම සහ නිරෝධායනය සදහා උපදෙස් ලබා දීමද මේ දිනවල සිදු කරමින් සිටී.ඔවුන්ගේ නිවසේ වලට අවශ්‍ය දෑ මිළදී ගැනීම සදහා විදෙස් රටක සිට මෙරටට නොපැමිණි එක් අයෙකුට පමණක් අවසර ලබා දීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
මේ අතර වෙන්නප්පුව,මාරවිල,නාත්තන්ඩිය,මහවැව සහ දංකොටුව යන නගර පසුගිය දින කීපය තුළ පාළුවට ගොස් ඇති බවක් දැක ගැනීමට හැකි විය.ඊට හේතුව වී ඇත්තේ බොහෝ දෙනෙකු වෙනත් දිනවල මෙන් ජනතාව ගැවසෙන ස්ථාන වලට නොගොස් තමන්ගේ නිවෙස් වලද රැදී සිටීම බවද අප විසින් කරන ලද සොයා බැලීමේදී අනාවරණය විය.

ජූඩ් සමන්ත
Viwes
blog counter

Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...