හලාවත 'ISIS' දුම්රිය 'බෝම්බය' ගැන පරීක්ෂණ


හලාවත දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියකදී සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ක්‍රියාත්මක  බව හලාවත පොලීසිය කියයි.
ඊයේ (06)  රාත්‍රී  7.20 ට පමණ  පිපිරීම සිදුවී ඇත.

පිපිරීමෙන් තුවාල ලැබූ දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවෙක් හලාවත මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. 

 පස්වරු 4.30 ට කොළඹ කොටුවෙන් පිටත් වූ දුම්රිය රාත්‍රී  7.10 පමණ වන විට හලාවත දුම්රිය ස්ථානයට පැමිණ ඇත. දුම්රිය කොළඹ කොටුවේ සිට හලාවත දක්වා පමණක් ධාවනය වන එකකි. දුම්රියේ පැමිණි මගීන් බැස යාමෙන් පසුව දුම්රිය කම්කරුවෙකු මැදිරි පිරිසිදු කිරීමේ නිරතව සිට ඇත.

දෙවැනි දුම්රිය මැදියේ පිටුපස අසුනක කිසියම් බෑගයක් තිබෙනවා දැක ඇති කම්කරුවා එය රැගෙන සොලවා බලන විට පිපිරීම සිදුවී ඇති බව පොලීසිය කියයි.

පුපුරා ගොස් ඇත්තේ අඟල්  එක හමාරක විශ්කම්බයකින් යුතු ප්ලාස්ටික් බට කැබැල්ලක් බව පොලීසිය විසින් අනාවරණය කර ගෙ‍න ඇත.

එම ප්ලාස්ටික් කැබැල්ලේ ISIS  යන ඉංග්‍රීසි අකුරු තිබී ඇත.ඒ අනුව ‍පුපුරා ගොස් ඇත්තේ කිසියම් කණ්ඩායමක් විසින් එවන ලද බෝම්බයක්ද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුවී ඇත.

ප්ලාස්ටික් බටය තුළ වෙඩි බෙහෙත් සහ යකඩ බෝල තිබී ඇති බව පොලීසිය කියයි. 
පුපුරා ගොස් ඇත්තේ බෝම්බයක් නම්  එය කව්රුන් ඉලක්ක කරගෙන කව්රුන් විසින් එවන ලද්දක්ද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුවී ඇත.
පුපුරා යාමෙන් දුම්රිය මැදිරියට බරපතල හානි සිදුවී නැත.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ ප්‍රචාරක රැළියක් ඊයේ (06)  සවස හලාවත නගරයේදී පැවැත්වුණි.
හිටපු ජනාධිපතිවරයා  රැළිය අමතා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත්‍තේ රාත්‍රී  7.25 ට පමණ බව අප වාර්තාකරු පවසයි. 


Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...