මෙසේ සොයා ගෙන ඇත්තේ මාතර - පස්ගොඩ පදිංචිව සිටි උමේෂ් චතුරංග (අවු:15) නම්වූ පාසල් සිසුවෙකුවය.
පසුගිය මස 27 වැනිදා තම දරුවාව කිසියම් අයෙකු විසින් පැහැර ගෙන ගොස් ඇති බව දරුවාගේ පියා වන කේ.ජී.ලයනල් (අවු:40) යන අය ඌරුබොක්ක පොලීසියට එදිනම පැමිණිලි කර ඇත.තමන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත් පැහැර ගැනීමට ලක්ව ඇත්තේ වැඩිමහල් දරුවා බවත් ඔහු පොලීසියට පවසා ඇත.නමුත් මෙම පැමිණිල්ල විභාග කිරීම සදහා පොලිස් නිලධාරීන් තම නිවසට පැමිණියේ පසුගිය 06 වැනිදා බව ලයනල් මහතා කියා සිටී.
තම දරුවා වෛද්‍ය ප්‍රතිකාර සදහා පස්ගොඩ මංසන්ධියේ පිහිටි පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගිය අවස්ථාවේ දී පැහැර ගැනීම සිදුවී ඇති බවත්,තම ඥාතියෙකු සමග ඇති ඉඩම් ආරවුලක් මෙම පැහැර ගැනීමට හේතුව වී ඇති බවත් හෙතෙම කියා සිටී.
රදවාගෙන සිටි ස්ථානයෙන් පලා ගොස් ඇති දරුවා හලාවත - විල්පත ප්‍රදේශයේ පදිංචිවී සිටින තම ඥාතියෙකුගේ නිවසට පැමිණ ඇත.පසුව එම නිවසේ අය විසින් දරුවාව පල්ලම පොලීසියට ගෙනවිත් බාර දී ඇත.
දරුවා ඉතා දුර්වල තත්ත්වයෙන් පසුවන බැවින් ඔහු රදවා සිටි ස්ථානය සම්බන්ධයෙන් තොරතුරක් ලබා ගැනීමට නොහැකි බව පොලීසිය කියයි.
පල්ලම පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්රුවන් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
පුත්තලම - ජුඩ් සමන්ත
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...