ධීවර රැකියාවන් සදහා දකුණු අප්‍රිකාවේ සිරියාලෝන් වෙත ගොස් මාස 08 ක පමණ කාලයක් කාමරයක සිරවී සිටි මෙරට ධීවරයින් 06 දෙනෙකු 17 වැනිදා පෙරවරුවේ බණ්ඩාරනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණියේය.
මෙසේ දිවයිනට පැමිණියේ මාරවිල - තොඩුවාවේ පදිංචිකරුවන් වන ක්‍රිෂ්ටි කුමාර සුසන්ත,දිනේෂ් සුසන්ත,රුමේෂ් ඉන්දික,සුදේශ් ජීවන්ත,නිලුක්ෂන් චරිත් සහ ඇන්ටනි ක්වින්ටස් නම්වූ ධීවරයින් 06 දෙනෙකි.
දංකොටුවේ පිහිටි ධීවර කර්මාන්තයට සම්බන්ධ ආයතනයකින් මෙම පිරිස පසුගිය වසරේ ජුනි මස 27 වැනිදා දකුණු අප්‍රිකාව බලා ගොස් ඇත.ඒ මසුන් මැරීම වෙනුවෙන් බහු දින යාත්‍රාවක සේවය කිරීම සදහාය.විදේශ ගත වීමට පෙර අදාල ආයතනය සහ ධීවරයින් අතර අත්සන් කර ඇති ගිවිසුමට අනුව මෙම කණ්ඩායමේ එක් අයෙකුගේ මාසික වැටුප රුපියල් 80,000 කි.
මාස 02 ක් රැකියා කර මසුන් අල්ලා ගෙන පැමිණ තමන් සේවය කරන ආයතනය වෙත මෙම ධීවරයින් ලබා දී ඇත.ඔවුන්ට වැටුප් ලෙස ගෙවා ඇත්තේ රුපියල් 50,000 ක් පමණි.මාස 02 කින් පසුව කාමරයක සිර කර ඇති ආයතනයේ හිමිකරු බව කියන විදෙශිකයා ඉන් පසුව මෙම අයට වැටුප් ගෙවා නැත.
නියමිත පහසුකම් නොමැතිව ආහාර,සෞඛ්‍ය පහසුකම් කිසිවක් නොමැතිව මාස මාස 07 පමණ කාලයක් මෙම ධීවර පිරිස කාමරයක සිර කර තබන්නට එම විදේශිකයා කටයුතු කර ඇත.
විදේශ ගත වීදුක් විදින තම ඥාතීන් සම්බන්ධයෙන් මෙරට පිහිටි ආයතනයෙන් විමසු විට සතියක් දෙකක් ඇතුළත ඔවුන්ව මෙරටට ගෙන්වා දෙන බව පමණක් පවසා ඇත.
තම ඥාතීන් පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිළි කරන්නටද මෙරට සිටි පිරිස් කටයුතු කර ඇත.නමුත් කිසිදු සහනයක් නොලැබුණු බව ඔවුන් කියා සිටී.
මේ අතර මේ සම්බන්ධයෙන් අප පසුගිය සතියේ මාධ්‍යයන් මගින් කරුණු දක්වා සිටීමත්,ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මැදිහත් වීමත් මත සිරියාලියෝන් නගරයේ කාමරයක සිරවී සිටි අප රටේ ධීවරයින්ට ආපසු මෙරටට පැමිණීමේ වාසනාව හිමි විය.
මෙරටට පැමිණි සිටි පිරිස පිළි ගැනීම සදහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ පුත්තලම ශාඛාවේ ලේකම් උදේනි පියුමන්ත මහවිතාන මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද ගුවන් තොටුපලට ගොස් සිටියේය.
තමන් එහිදී විවිධ දුක් ගැහැට විදි බවත්,අප රටේ මාධ්‍ය ආයතන මෙන්ම රතු කුරුස සමාජය නොවන්නට තමන්ට නැවතත් මව් බිමට පැමිණීම සිහිනයක් පමණක් බවත් අපට හමුවු මෙරටට පැමිණි ධීවරයින් කියා සිටියේය.
මෙරටට පැමිණි පිරිස අතර සිටි ක්‍රිෂ්ටි කුමාර මහතා මෙසේ පැවසීය.ඇත්තටම අපේ රමේ මිනිස්සු මොන තරම් හොදද කියලා මට දැන් තමයි තේරෙන්නේ.අපේ රටේ මාධ්‍යය වාගේම රතු තුරුස සමාජය මැදිහත් නොවන්නට අපිට ආපසු අපෙ රටට එන්න ලැබෙන්නේ නෑ.
අපි එහේදි නොවිදනා දුක් වින්දා.අපිට හරියට කන්න දුන්නේ නෑ.අපිව කාමරයක දාලා හිර කරලයි හිටියේ.අපිට හිතා ගන්න බැරිව ගියා වෙච්ච දේට.ඇත්තටම අපේ රටේ මාධ්‍යයට වාගේම රතු කුරුස සමාජයටත් අපි ණය ගැතියි.මොකද අපිව අරගෙන ආවේ ඒ අය නිසා.
රුමේෂ් ඉන්දික මෙසේ පැවසීය - අපි ධීවරයෝ.සාමාන්‍යයෙන් අපිට ඕනම දුකක් විදින්න පුළුවන් අය.ඒත් අපි අප්‍රිකාවේදී නම් වින්දේ කියන්න බැරි වේදනාවක්.බලන්න මගේ ඇගේ හැටි.මට මගේ අම්මව හැම වෙලාවෙම මතක් වුණා.මම කිසිම දවසක හිතුවේ නෑ ආපසු ලංකාවට එන්න ලැබෙයි කියලා.ඒත් මම වාසනාවන්තයි.මට ආපසු මගේ රටට එන්න ලැබුනා.මාව ගෙන්නා ගන්නා කටයුතු කරපු හැම කෙනෙකුමට මම පින් දෙනවා.මම මගේ ජීවිතය තියන තුරු කිසිම දවසක ඔය පැත්ත බලලා බත් කන්නේවත් නෑ...ඔහු කියා ගෙන ගියේය.
දිනේෂ් දුෂාන් ද අපට හමු විය. ඇත්තටම අපි පුදුම දුකක් වින්දේ.මට මගේ පොඩි දරුවව හැම වෙලාවෙම මතක් වුණා.මම මේ ගමන ගියේ ගෙයක් හදා ගන්න කියලා හිතා ගෙන.ඒත් වුනේ හිස් අතින් ආපසු එන්න.අපිට ආපසු ලංකාවට යන්න ටිකට් එක දෙනවා කියලා කියපුවහම ඇතිවුනේ පුදුම සතුටක්.ඒත් බයක් දැණුනා.බොරු කියලා අපිව වෙන කොහේ හරි අරගෙන යනවද කියලා.ඒත් දෙවියන්ට පින් සිද්ද වෙන්න අපි ආපසු අපේ රටට ආවා....
අප්‍රිකාවේ කාමරයක සිර ගතවී සිටි තම ස්වාමි පුරුෂයා ඇතුළු ඥාති ධීවර පිරිස ගෙන්වා ගැනීමට මෙරට සිට වෙහෙස වූ මංගලිකා සදමාලි මහත්මිය මෙසේ පැවසුවාය.
ඇත්තටම මට නම් අපේ රටේ රජයේ ආයතන ගැන දුකයි.අපි මාස 08 ක් තිස්සේ රජයේ ආයතන වලට ගියා.ඒ අය කිව්වේ සතියක් දෙන්න සති දෙකක් දෙන්න කියලා විතරයි.ඒත් රජයේ ආයත වලට වඩා අපේ රටේ මාධ්‍ය ප්‍රබල බව මට දැන් තේරෙනවා.පසුගිය 10 වෙනිදා අපේ කට්ටිට ගැන මාධ්‍යයෙන් පල වුනා විතරයි ඔය කියපු ආයතන මට කථා කරන්න ගත්තා.සතියයි ගියේ, අපේ කට්ටිය ගෙදර ආවා.මෙහිදී මම විශේෂයෙන්ම අපේ රටේ මාධ්‍ය ආයතන වලටත් අපේ කට්ටිය ගැන කටයුතු කරපු ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ පුත්තලම ශාඛාවේ නිලධාරී මහත්වරුන්ටත් ස්තූති කරන්න ඕනේ..... ඇය කියා ගෙන ගියාය.
විස්තර හා චායාරූප ජුඩ් සමන්ත.
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...