තොඩුවාවෙන් ලැගුම්හලක කාමරේ ගණිකා මඩමක්


මාරවිල පොලීසිය විසින් මැදින් පුර පසොලොස්වක පොහොය දිනයේ කරන ලද වැටලීම් වලදී සැකකරුවන් 19 දෙනෙකු සහ සැකකාරියන් (02)දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී ජංගම ගණිකා මඩමක්,අවන්හලක්,නීති විරෝධී කසිප්පු අලවි කළ ස්ථන 03 ක්සහ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ ස්ථාන දෙකක්ද වැටලීමට පොලිස් නිලධාරීන් සමත්වී ඇත.

මහවැව - තොඩුවාව ප්‍රදේශයේ ලැගුම්හලක කාමර කුළියට ගෙන ත්‍රී රෝද රථයක් භාවිතා කරමින් පවත්වා ගෙන ආ ගණිකා මඩමක් පොලිස් නිලධාරීන් විසින් වටලා ඇත.ගණිකා ව්‍යාපාරයේ නිරත වූ බව කියන වයස අවුරුදු 25 ට අඩු කාන්තාවන් දෙදෙනෙකුව එහිදී අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගෙන ඇති එක් කාන්තාවක් ආබාධිත තැනැත්තියක් බව පොලීසිය කියයි.මෙම ජංගම ගණිකා මඩම පවත්වා ගෙන ගොස් ඇත්තේ ත්‍රී රෝද රථ රියදුරෙකු විසිනි. ඔහුවද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මාරවිල -ලංසිගම පදිංචි එම සැකකරු 25 හැවිරිදි අයෙකි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ත්‍රී රෝද රථ රියදුරා විසින් ඇණවුම් බාර ගෙන පසුව අදාල ලැගුම් හලේ කාමර වෙන් කරවා කාන්තාවන් සහ ගැණුම්කරුවන් යෙදවීම සිදු කර ඇති බව පොලීසිය කියයි.
නාත්තන්ඩිය මරඳ ප්‍රදේශයේ චීන අවන්හලක් වටලා ඇති මාරවිල පොලීසියේ නිලධාරීන් එහි තිබී වල් ඌරු මස් කිලෝ ග්‍රෑම් 06 ක්ද අලවිය සදහා ගබඩා කර තිබූ රජයේ අරක්කු බෝතල් 15 ක්ද තම බාරයට ගෙන ඇත.එම අවන්හල පවත්වා ගෙන ගිය පුද්ගලයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
නාත්තන්ඩිය නගරයේ මහා පරිමාණයෙන් කරගෙන ආ කසිප්පු අලවි කරන ස්ථානයක්ද පොලිස් නිලධාරීන් විසින් වටලා ඇත.එම ස්ථානයේ තිබී කසිප්පු බෝතල් 15 ක්ද පොලිස් බාරයට ගෙන ඇති අතර එම කසිප්පු අලවි පොළ පවත්වා ගෙන ගිය කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇත.මෙම කසිප්පු අලවි පොළ වැටලීම ඉතාමත්ම දුෂ්කර ක්‍රියාවක් බව වැටලීම සිදු කළ නිලධාරීන් කියයි.

මේ අතර නාත්තන්ඩිය - මරඳ සහ හත්තිනිය යන ප්‍රදේශ වල කසිප්පු අලවි කරන ස්ථාන දෙකක් වටලා සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති අතර එම ස්ථාන දෙක තුළ තිබූ කසිප්පු බෝතල් 06 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.
මාරවිල - තල්විල සහ නාත්තන්ඩියේ - වලහාපිටිය ප්‍රදේශ වල මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කළ ස්ථාන දෙකක් වටලා ඇති මාරවිල පොලීසියේ නිලධාරීන් එම ස්ථාන වල සිටි සැකකරුවන් 15 දෙනෙකුවද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සහ සැකකාරියන් මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්.ප්‍රියන්ත මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කර ඇත.
පුත්තලම - ජුඩ් සමන්ත.
Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...