පොලිස් අත්අඩංගඅත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පොලිස් බාරයෙන් මිදී පලා යාම මෙම සේවය අත් හිටුවීමට හේතුව වී ඇත.
සේවය අත් හිටුවා ඇත්තේ මුන්දලම පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන් 45687 සිල්වා සහ පොලිස් කොස්තාපල් 82181 සිල්වා යන නිලධාරීන් දෙදෙනෙකුගේය.
මදුරන්කුලිය - ජයරාජපුර ප්‍රදේශයේ නිවසකට පසුගිය 2014 ඔක්තොම්බර් මස 22 වැනි දිනා අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත.එම සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුව පසුගිය 24 වැනිදා මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මදුරන්කුලිය - ජයරාජපුර පදිංචිකරුවෙකු වන අතර ඔහු යුධ හමුදාවෙන් පලා විත් සිටි අයෙකු බවටද පොලීසිය හදුනා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුව මුන්දලම පොලීසියට ගෙනවිත් ප්‍රකාශ සටහන් කිරීමෙන් පසුව 25 වැනිදා පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා රැගෙන ගොස් ඇත.ත්‍රී රෝද රථයකින් සැකකරුව රැගෙන ගොස් ඇත්තේ වැඩ තහනමට ලක්ව ඇති පොලිස් සැරයන්වරයා සහ පොලිස් කොස්තාපල්වරයා විසිනි.එසේ රැගෙන යන අතර මගදී සැකකරු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇත.පොසැකකරුව අධිකරණය වෙත රැගෙන යන අවස්ථාවේදී ඔහුට අත් විලංගු දමා නොසිටි බවද කියති.
ලපලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා 25 වැනිදා රාත්‍රීයේ මුන්දලමුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර ඇතත් පලක් වී නැත.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
පුත්තලම - ජුඩ් සමන්ත
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...