නාත්තන්ඩිය - මරඳ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබූ ලොරියක් ගිනි ගෙන විනාශ වී ඇති බව මාරවිල පොලීසිය කියයි.
23 වැනිදා අළුයම 1.30 ට පමණ මෙම ගිනි ගැනීම සිදුවී ඇත.
ගින්නෙන් ලොරිය සමපූර්ණයෙන්ම විනාශ වී ඇති බව එහි හිමිකරු වන ඉන්දික රාජපක්ෂ යන අය පොලීසියට පවසා ඇත.තමන් ව්‍යාපාරික කටයුතු වලින් පසුව සුපුරුදු ලෙස ලොරිය ගෙනවිත් නිවස ඉදිරිපිට මාර්ගයේ ගාල් කර නින්දට ගොස් සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇති බවද ඔහු පොලීසිය හමුවේ පවසා ඇත.සිදුවී ඇති අලාභය මෙතෙක් තකසේරු කර නැත.ලොරියේ හිමිකරුවා පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව කටයුතු කළ අයෙකු බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.
කිසියම් අයෙකු විසින් මෙම ලොරියට ගිනි තිබ්බාද,එසේත් නැත්නම් ගිනි ගත්තාද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
විස්තර හා චායාරූප තොඩුවාව.com නිල වාර්තාකරු ජූඩ් සමන්ත.
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...