සීමා සහිත සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස බල කරමින් එම සමාගමේ සේවකයින් පිරිසක් 26 වැනිදා විරෝධතාවයක නිරත විය.
හලාවත පිහිටි හලාවත වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවයට එම සමාගමේ විධායක නිලධාරීන්ද සාමාන්‍ය සේවකයින් මෙන්ම කම්කරුවන්ද එක්වී සිටියේය.
මෙම ආයතනයේ විධායක අධ්‍යක්ෂක වරයා විසින් පසුගිය කාලයේ සිදු කර ඇති බව කියන මුදල් වංචාවන් රැසක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කරන ලෙසත් ඔහුගේ සේවය වහාම ආයතනයෙන් ඉවත් කරන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියේය.මෙම ආයතනයේ වැඩ බලන සාමාන්‍යාධිකාරීවරිද විවිධ දුෂණ වලට හවුල් වී ඇති බවත්,පසුගිය මැතිවරණ සමයේ පත්වීම් ලැබූ බව කියන සහකාර සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධයෙන්ද යම් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියේය.
මෙම ඉල්ලීම් වලට කඩිනම් විසදුම් ලැබෙන තුරු හලාවත වැවිලි සමාගමේ සියළුම සේවකයින් වැඩ වර්ජනයක් පවත්වා ගෙන යන බවද විරෝධතාකරුවන් කියා සිටියේය.
විස්තර හා චායාරූප තොඩුවාව.com නිල වාර්තාකරු ජූඩ් සමන්ත.
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...