ඉස්සන් ව්‍යාපාරිකයෙකු විසින් රැගෙන යමින් තිබූ රුපියල් 44,82,720 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.
පසුගිය 21 වැනිදා හලාවත - ඉරණවිල මාර්ගයේ අඹකදවිල ප්‍රදේශයේදී මෙම කොල්ලය සිදුවී ඇත.
තමන් හලාවත පිහිටි රාජ්‍ය බැංකුවකින් රුපියල් 24,82,720 ක මුදලක් ලබා ගත් බවත්,ඉස්සන් අලවි කිරීමෙන් ලැබුණු තවත් රුපියල් ලක්ෂ 20 ක මුදලක්ද රැගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටින විට පැමිණි දෙදෙනෙකු මිරිස් කුඩු ගසා මුදල් කොල්ලය සිදු කර පලා ගිය බව තොඩුවාව පදිංචි මිරිස්සගේ සුදත් මාරිස් රෙක්ෂි ප්‍රනාන්දු යන අය පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.කොල්ලකරුවන් පැමිණ ඇත්තේ යතුරු පැදියකින් බව පැමිණිලි කරු තම පැමිණිල්ලේ සදහන් කර ඇත.කොල්ලකරුවන් කව්රුන්ද යන්න පැමිණිලිකරු හදුනා ගෙන නැති බව පොලීසිය කියයි.
හලාවත පොලීසියේ අපරාධ විමර්ශණ අංශය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
විස්තර තොඩුවාව.com නිල වාර්තාකරු ජූඩ් සමන්ත.
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...