වෙන්නප්පුවදී සිදුකරගෙන ආ බව කියන කැස්බෑ ජාවාරමක් අනාවරණය කර ගැනීමට මහවැව සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් සමත්වී ඇත


වෙන්නප්පුව - උල්හිටියාව වෙරළේ කාලයක සිදුකරගෙන ආ  බව කියන කැස්බෑ ජාවාරමක් අනාවරණය කර ගැනීමට මහවැව සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් සමත්වී ඇත.
පසුගිය 13 වැනිදා දහවල් මෙම තොරතුරු අනාවරණය වී ඇත.
ඒ අනුව සිදු කරන ලද වැටලීමකදී මුහුදෙන් අල්ලා ගත් බව කියන කැස්බෑවන් 17 දෙනෙකුව සොයා ගැනීමට ධවර නිලධාරීන් සමත්වී ඇත.ධීවර නිලධාරීන් තම බාරයට ගෙන ඇති කැස්බෑවන් අතරින් ජීවත් වෙමින් සිටි සතුන් 04 දෙනෙකුට නැවත මුහුදට දමා ඇත. කැස්බෑවුන් තිදෙනෙකු ඒ වන විට මස් කර තිබූ බව වැටලීම කළ නිලධාරීන් කියයි.ප්‍රණය නිරුද්ධ වී තිබූ කැස්බෑවන් සහ කැස්බෑ මස් තම බාරයට ගැනීමට ධීවර නිලධාරීන් කටයුතු කර ඇත.
වෙන්නප්පුව - උල්හිටියාව වෙරළේ පුද්ගලයින් දෙදෙනෙකු කැස්බෑවන් මස් කරමින් සිටින බවට වූ තොරතුරක් මහවැව සහකාර ධීවර අධ්‍යක්ෂක අනුර ජයසේකර මහතාට ලැබී ඇත.ඒ අනුව වැටලීම සිදු කර ඇත.ධීවර නිලධාරීන් කඩා පනින විට කැස්බෑවන් මස් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇත.නමුත් ඔවුන්ව හදුනා ගැනීමට ධීවර නිලධාරීන් සමත් වී ඇත.
සැකකරුවන් විසින් කැස්බෑවන් මස් කරමින් සිටි ස්ථානයේ තිබී පිහි දෙකක්,තරාදියක් සහ කැස්බෑ මස් අලවි කිරීම සදහා ගෙනවිත් තිබූ බෑග් තොගයක්ද තම බාරයට ගැනීමට ධීවර නිලධාරීන් කටයුතු කර ඇත.
මුහුදේදී දැල් දමා අල්ලා ගෙන ඇති මෙම කැස්බෑවන් බෝට්ටු 03 කින් ගෙඩ බිමට ගෙනවිත් ඇති බවට තොරතුරු ලැබී ඇති බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.
අන්තර් ජාතික මෙන්ම ජාතික වශයෙන්ද රතු දත්ත පොතට ඇතුළත් වී සිටින කැස්බෑවා සංරක්ෂණය කළ යුතු සතෙකු ලෙස හදුනා ගෙන ඇති බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පැවසීය.මුහුද පතුලේ තිබෙන ශාඛ කොටස් අනුභව කරමින් ජීවත් වන කැස්බෑවා දීර්ඝ ජීවිත කාලයක් හිමි සතෙකු ලෙස හදුනා ගෙන ඇති බවද ගුණවර්ධන මහතා වැඩි දුරටත් කියා සිටියි.
තමන් බාරයට ගෙන ඇති මිය ගොස් සිටින කැස්බෑවන් සහ කැස්බෑ මස් ඇතුළු සෙසු උපකරණ මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කරන බව වැටලීම කළ ධීවර නිලධාරීන් සදහන් කරයි.ධීවර නිලධාරීන්ගෙන් මිදී පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා නාවුක හමුදාව සහ පොලීසියේ සහාය ඇතුළු විශේෂ මෙහෙයුමක්ද 13 වැනිදා දහවල් ආරම්භ කරන ලදි. 

මහවැව සහකාර ධීවර අධ්‍යක්ෂක අනුර ජයසේකර,ප්‍රාදේශීය ධීවර පරීක්ෂක බන්දුල රණසිංහ,ධීවර පරීක්ෂක සුමින්ද වික්‍රමාරච්චි,ධීවර කළමනාකරන සහකාර ප්‍රදීප් සමරතුංග යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.





විඩියෝ දර්ශන පහතින් නරබන්න 






විස්තරය හා තොඩුවාව.com නිල වාර්තාකරු ජූඩ් සමන්ත 
Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...