වෙන්නප්පුව මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී මියයයි

වෙන්නප්පුව - කඩවත මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදහන්වී ඇති බව පොලීසිය කියයි.
පසුගිය 12 වැනිදා සවස මෙම අනතුර සිදුවී ඇත.
මුහුදේ ගිලී අතුරුදහන්වී ඇත්තේ පේරාදෙණියේ පදිංචිකරුවෙකු වන ශාන් චාමර (අවු:21) නම් අයෙකි.ඔහු වෙන්නප්පුව - දුම්මලදෙණිය ප්‍රදේශයේ මල් සැරසිලි කරන ආයතනයක සේවය කරමින් සිට ඇත.
මුහුදේ ගිලී අතුරුදහන්වී ඇති තරුණයා තම මිතුරන් පිරිසක් සමග මුහුදේ දිය නෑමට ගොස් සිටින විට මෙම අනතුර සිදුවී ඇත. අතුරුදහන්වූ තරුණයා සොයා 12 වැනිදා සවස ප්‍රදේශයේ ධීවරයින් විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.නමුත් පවතින දැඩි අදුර හේතුවෙන් ඊට බාධා එල්ලවී ඇත.
අතුරුදහන්වූ තරුණයා සොයා වැඩි මෙහෙයුම් කටයුතු කිරීමේදී 13 උදැසන අතුරුදහන්වූ තරුණයාව සොයා ගැනීමට ප්‍රදේශයේ ධීවරයින්  හැකි විය.







විස්තර හා චායරූප ජූඩ් සමන්ත හා චන්දන ප්‍රනාන්දු ගෙනි. 
Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...