නාරාහේන්පිටන් සොයා ගත් සැහැල්ළු ගුවන් යානය නිෂ්පාදනදී කාර්මික සහය දැක්කුවේ හලාවත හැම්ලට් මාටිස්ට් මහතා

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී පොලීසිය විසින් සොයා ගත් සැහැල්ළු ගුවන් යානය රේ විජේවර්ධන මහතා විසින් නිෂ්පාදනය කරන විට තමන් කාර්මික ශිල්පියෙකු ලෙස ඊට දායකත්වය දුන් බව හලාවත - බංගදෙණිය,දෙමටපිටියේ පදිංචි හැම්ලට් මාටිස්ට් මහතා සදහන් කරයි.
අප සමග අදහස් දැක්වූ හැම්ලට් මාටිස්ට් මහතා මෙසේද පැවසීය.
මම ඒ දවස් වල වැඩ කළේ රේ විජයවර්ධන මහතා ළග.එතුමා අළුත් දේවල් කරන්න කැමතියි.අපි විවිධ දේවල් හැදුවා.පිටරටින් ගෙනාපු කොටස් සහ මෙරටින් සොයා ගත් විවිධ කොටස් යොදා තමයි ලිහිනියා ගුවන් යානය අපි නිෂ්පාදනය කළේ.
මෙම යානයේ ඇන්ජිම අශ්ව බල 64 ක ධාරිතාවයකින් යුක්තයි. ඉන්ධන ලීටර් 35 ක් මෙම යානයට යොදන්න පුළුවන්.මෙම යානය මුහුදු මට්ටමේ සිට අඩි 5800 ක් ඉහල නංවන්න පුළුවන්.දෙන්නෙකුට තමයි මෙම යානයේ ගමන් කළ හැකි වන්නේ.අපි එක් අවස්ථාවක ඊටත් වඩා ටිකක් ඉහලට ගුවන් ගත කලා.නමුත් උෂ්නත්වය ඊට හරස් වුණා.
පැයට සැතපුම් 80 ක පමණ වේගයෙන් මෙම යානය පදවන්න පුළුවන්.රේ විජේවර්ධන මහතා සමග මම මෙම ගුවන් යානයෙන් හලාවත - කළුතර වැනි ප්‍රදේශ වලට ගිහිං තියනවා.
රේ විජේවර්ධන මහතාට අයත් එක් සැහැල්ලු ගුවන් යානයක් ඒ කාලයේ හලාවත - ඉරණවිල ප්‍රදේශයට කඩාගෙන වැටුණා.මෙම ගුවන් යානා විජේවර්ධන මහතා නිෂ්පාදනය කළේ විනෝදයට මිසක් වෙනත් කටයුත්තකට නෙමෙයි.
පසුව අපේ රටේ යුද්ධය පටන් ගත්තට පස්සේ පුද්ගලික ගුවන් යානා ගුවන් ගත කිරීම රජය විසින් තහනම් කලා.මෙම ගුවන් යානය තිබුනේ රේ විජේවර්ධන මහතාගේ ගෙදර.එතුමා කිව්වේ මෙම ගුවන් යානය ගුවන් පුහුණු අභ්‍යාස ආයතනකට දෙන්න කැමැත්තෙන් හිටියා කියලයි.
මම දවසක් කිව්වා මේ ගුවන් යානය කෞතුක වස්තුවක් ලෙස තියා ගන්න මට දෙන්න කියලා.ඒත් එතුමා දුන්නේ නැහැ.මෙම ගුවන් යානය නැවත ගුවන් ගත කරන්න හැකි ආකාරයට සකස් කරන්න මට පුළුවන්.මොකද මේ යානයේ තියන සෑම කොටසක් ගැනම මම දන්න නිසා.
මට දැණුම තියනවා.කිසියම් කෙනෙකු මට සහාය දෙනවා නම් මේ වාගේ නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන්.අද මම පුද්ගලික කටයුතු කරගෙන පැත්තකට වෙලා ඉන්න කෙනෙක්.මම  කියන්නේ මේ ලිහිණියා සැහැල්ළු යානය තමයි අපේ රටේ නිෂ්පාදනය කරපු පළමු වන ගුවන් යානය.ඒක සංරක්ෂණය කරන වැඩක් අපි කළ යුතුයි කියලයි.
හැම්ලට් මාටිස්ට් මහතා කියා වැඩි දුරටත් කියා සිටියේය. 
එය සත්‍යයකි.එවැනි කාර්මික දැණුම ඇති අයගෙන් සේවයක් ලබා ගැනීමට කටයුතු කිරීම වගකිව යුත්තන්ගේ වගකීම බව අපි අවධාරණය කරමු.
(හැම්ලට් මාට්ස්ට් මහතා සතුව ඇති ගුවන් යානය සකස් කළ අවස්ථාවේ ගත් ඡායාරූප එකතුවක් සහ එම ඡායාරූප නරඹන මාටිස්ට් මහතාගේ ඡායාරූපයක්ද පහතින් ඔබට නැරබිය හැක.) 
                                                 
                                           




















විස්තර, චායාරූප හා වීඩියෝ තොඩුවාව.com නිල වාර්තාකරු ජූඩ් සමන්ත 
Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...