මාදම්පේ පුද්ගලයෙකු කුඹුක් ගසකට නැග විරෝධතා ව්‍යාපාරයක නිරත විය.


තමන් ජීවත් වන ගම වැලි ජාවාරම්කරුවන්ගෙන් බේරා දෙන ලෙසත්, තමන් ඇතුළු දරු පවුලට ජීවත් වීමට යහපත් මාර්ගයක් සකස් කර දෙන ලෙසත් ඉල්ලමින් මාදම්පේ - මුගුණුවටවන,තරණ ප්‍රදේශයේ පුද්ගලයෙකු කුඹුක් ගසකට නැග විරෝධතා ව්‍යාපාරයක නිරත විය.

පසුගිය 26 වැනිදා පෙරවරුවේ මෙම විරෝධතාවය පැවැත්වුණි.
විරෝධතාවය පවත්වන ලද්දේ ෂර්ලි ජයකොඩි (අවු:40) නම්වූ අයෙකි.
තමන් පදිංචිවී සිටින තරණ ගම්මානය වැලි ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට ලක්වීම හේතුවෙන් විශාල විනාශයක් සිදුවන බව ඔහු කියා සිටියේය.එමෙන්ම දරුවන් දෙදෙනා ඇතුළු තම පවුලට ජීවත් වීමට තරම් ආදායම් මාර්ගයක් නැති බවද ඔහු කියා සිටියේය.

ඔහු කඹයක්ද රැගෙන කුඹුක් ගසේ අඩි 200 ක්  පමණ ඉහලට නැග සිටියේය.තමන්ගේ ඉල්ලීම් ඉටු නොවන්නේ නම් සිය දිවි හානි කර ගන්නා බවද ඔහු කියා සිටියේය.

එම ස්ථානයට පැමිණි වයඹ පළාත් සභා මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර, හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ලලිත් ආනන්ද යන මහත්වරුන් විරෝධතායේ නිරතව සිටි අය සමග දුරකථනයෙන් සාකච්ඡා කරන ලදි.
ඉන් පසුව ගසෙන් බිමට බැස්ස විරෝධතාකරුවා තමන්ගේ ඉල්ලීම් පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට කියා සිටියේය.

පවතින ආර්ථික ගැටළු විසදීමට තමන් මැදිහත් වන බව පළාත් සභා මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා ඔහුට පොරොන්දු විය. එමෙන්ම වැලි ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කරන බව එම ස්ථානයේ සිටි මාදම්පේ පොලිසියේ නිලධාරීන් කියා සිටියේය.


(ගසෙන් බිමට බැස්ස විරෝධතාකරුවා සමග සාකච්ඡා කරන වයඹ පළාත් සභා මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා)    



විස්තර හා චායාරූප තොඩුවාව.com නිල වාර්තාකරු ජූඩ් සමන්ත.
Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...