හලාවත බංගදෙනියේදී පුද්ගලයෙකුව කපා කොටා මාර දමයි ( VIDEO)



පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවෙකුව කපා කොටා ඝාතනය කර ඇති බව හලාවත පොලීසිය කියයි.
10 වැනිදා දහවල් හලාවත - බංගදෙණිය,කුම්බුට්ටිකුලිය ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුවී ඇත.
මිය ගොස් ඇත්තේ බංගදෙණිය - කුම්බුට්ටුකුලිය පදිංචිව සිටි මංජුල ප්‍රසන්න නම්වූ තිදරු පියෙකුවය.
සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනෙකු මේ වන විට හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.රෝහල් ගතවී ඇති අය අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුද වන බව පොලීසිය කියයි.
මිය ගොස් ඇති අය ඇතුළු තවත් කීප දෙනෙකු 10 වැනිදා දහවල් බංගදෙණිය මංසන්ධියේ සිට කුම්බුට්ටුකුලිය ප්‍රදේශය දක්වා ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටින විට කඩු පොළු සහිතව පැමිණ ඇති පිරිසක් ඔවුන්ට පහර දී ඇත.තුවාල ලබා සිටි දෙදෙනෙකු එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇතත් එක් අයෙකු මිය ගොස් ඇත.තවත් අයෙකු සුළු තුවාල ලබා ඇත.ප්‍රහාරයට ලක්වී ඇති අය එක්සත් ජාතික පාක්ෂිකයින් බවත්,ඔවුන් පසුගිය මැතිවරණයේදී පොදු අපේක්ෂකයාට සහාය පල කර ඇති බවත් මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පිරිසක් බව පොලීසිය කියයි.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

වීඩියෝ සහා විස්තරය  තොඩුවාව.com නිල වාර්තාකරු ජූඩ් සමන්ත 


Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...