ධීවර ඇමතිගේ මැරයින්ගෙන් ධීවරයන්ට එල්ල වූ ප‍්‍රහාරය ගැන රජයෙන් කඩිනම් පරීක්ෂණයක් !!!

කොළඹ මාළිගාවත්තේ පිහිටි ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ ධීවරයන්ට ගල් ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. රජයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ රාජ්‍ය පරිශ‍්‍රයක් අභියසදී ධීවර ජනතාවට මුහුණදීමට සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවයි. සිද්ධිය පිළිබදව මේ වන විටත් රජයේ අවධානය යොමු වී ඇති බවයි එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ - මාළිගාවත්තේ පිහිටි ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූ ධීවරයින් පිරිසකට අමාත්‍යාංශ පරිශ‍්‍රයේ රැඳී සිටි පිරිසක් එල්ල කළ ප‍්‍රහාරය විවිධ පාර්ශව හෙළා දැකීම ද විශේෂත්වයක්. ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න සඳහන් කළේද අදාළ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවයි.


හලාවත, කල්පිටිය, මීගමුව, වෙන්නප්පුව යන ප‍්‍රදේශවල ධීවරයින් සහ බහුදින යාත‍්‍රා හිමියන් 500 කට අධික පිරිසක් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ඉදිරිපිට පෙරේදා උද්ඝෝෂණයක නිරතවුණා. මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවන විදේශීය යාත‍්‍රා තහනම් කිරීම ඇතුලූ ඉල්ලීම් 8 ක් මුල් කරගනිමින් සිදුකළ මෙම උද්ඝෝෂණය සංවිධාන කළේ සමස්ත ලංකා ධීවර සංගමයයි. එහිදී උද්ඝෝෂණයේ නිරතවූ ධීවරයන් වෙත එක්වරම ධීවර අමාත්‍යාංශය දෙසින් ගල් ප‍්‍රහාරයක් එල්ලවීමත් සමග එහි ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්. උද්ඝෝෂණයේ නිරතවූ ධීවරයන් සිව්දෙනෙක් තුවාල ලැබූ අතර ධීවරයන් චෝදනා කළේ අමාත්‍යාංශ පරිශ‍්‍රයේ රැඳී සිටි මැර කණ්ඩායමක් තමන්ට පහරදුන් බවයි. ධීවර අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු පළමුව ගල් ප‍්‍රහාරය එල්ල කළ බවට ධීවරයන් දැඩිව චෝදනා කළා.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය දයාශ‍්‍රිත තිසේරාද හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ධීවරයන්ට එල්ලවූ ප‍්‍රහාරය තමන් හෙළා දකින බවයි. ධීවරයන්ට යම් විදියකින් එවැනි බලපෑමක් කළා නම් එය බරපතල වරදක් බව ඔහු කියා සිටියා. ප‍්‍රශ්න සාකච්ඡුා මාර්ගයෙන් විසදා ගත යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.


සාමකාමී උද්ඝෝෂනයක නිරතවූ ධීවරයින් පිරිසකට ධීවර අමාත්‍යාංශ පරිශ‍්‍රයේ රැුඳී සිටි පිරිසක් ප‍්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව හිරු ටීවී ඔස්සේ විකාශය වන පත්තරේ විස්තරේ වැඩසටහනේදී ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්නගෙන් විමසීමක් කෙරුණා. ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවැනි අදහසක්.


සම්පූර්ණ වාර්තාව පහතින් බලන්න




Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...