හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊයේ (04) දහවල්
හලාවත - මුන්නේෂවරම දේවාලයට පැමිණියා.ඒ තම උපන් දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ ආගමික වතාවත් වලට සහභාගි වීම සදහායි.
මෙහිදී ඊයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් තීරණය එම සන්ධානයේ ප්‍රධාන පාර්ශවකරුවා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරිය ලෙස ඔබ දන්නේ දැයි මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිනියගෙන් විමසා සිටියාය.
“ඒක මම දන්නේ නැහැ.මම දේශපාලනය කථා කරන්න මෙතෙන්ට ආවේ නෑ...”
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් අසු ප්‍රශ්න වලට දුන් පිළිතුරු පහතින් ඔබට සවන්දිය හැක
යැයි ඇය කියා සිටියාය.වර්තමාන දේශපාන තත්ත්වය සම්බන්ධයෙන් ඇයගෙන් පුන පුනා මාධ්‍යවේදීන් කරුණු විමසා සිටියත් ඇය කිසිදු පැනයකට පිළිතුරු ලබා නොදී පිටව ගියාය.
හිටපු අමාත්යවරුවරුන්,නියෝජ්‍ය ඇමතිවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකුම මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.
ආගමක වතාවත් අතර තුර මුන්දේෂ්වරම දේවාලයේ සාමි වරයෙකු සෙල්ෆි ඡායාරූපයක්ද හිටපු ජනාධිපතිවරිය සමග ගත් ආකාරය දක්නට ලැබුණි.
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...