මාදම්පේ - සුදුවැල්ල පදිංචි එක්දරු මවක් දින කීපයක සිට අතුරුදහන්වී ඇති බව ඇයගේ මව විසින් මාදම්පේ පොලීසියට පැමිනිල්ලක් කරමින් පවසා ඇත.
අතුරුදහන්වී ඇත්තේ ඈන් නිරෝෂා (අවු:27) නම්වූ එක්දරු මවකි.ඇයට ෂෙනාල් විහඟ (අවු:04) ක කුඩා පිරිමි දරුවෙකුද සිටී.
දංකොටුව ප්රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක ඇය සේවය කරමින් සිට ඇත. ඇයගේ සැමියා ඇයව මීට වසර 04 කට පමණ පෙර ඇයව අතහැර දමා ගොස් ඇත.ඉන් අනතුරුව ඇය තම දරුවාද සමග මව්පියන් බාරයේ ජීවත් වී ඇත.
පසුගිය 12 වැනිදා ඇය තම රැකියා ස්ථානයේ සිට නිවස බලා ගමන් කරමින් සිටින විට පාළු ප්රදේශයකදී එක්තරා පුද්ගලයෙකු ඇයව පැහැර ගෙන යාමට උත්සහ කර ඇත.එම සිද්ධියේදී ඇතිවූ ගැටුමකින් පැහැර ගෙන යාමට උත්සහ කළ බව කියන පුද්ගලයා සහ කාන්තාව යන දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කර ඇත.කාන්තාව මාදම්පේ ප්රාදේශීය රෝහලේ ප්රතිකාර ලබා ඇති අතර සැකකරු හලාවත මහා රෝහලේ ප්රතිකාර ලබා ඇත.
දින 04 ක් නේවාසිකව ප්රතිකාර ලබා නිවසට පැමිණ සිටි තම දියණිය එක්වරම අතුරුදහන්වී අති බව ඇයගේ මව වන ජේ.ඒ.ඉවෝන් මහත්මිය කියා සිටින්නීය.
“දුව කිසිම ඇඳුමක් හො රත්රං ආභරණ ගෙන ගිහිං නැහැ.අනික දුව එයාගේ පුතාට හරිම ආදරෙයි.කොහේ හිටියත් පුතාට කථා කරනවා. මම විශ්වාස කරන්නේ දුවව කව්රු හරි පැහැර ගෙන ගිහිං සඟවා ගෙන සිටින බවයි.මේ ගැන අපි පොලීසියටත් දැණුම් දුන්නා.නමුත් කිසිම ආරංචියක් නැහැ....”මව අප සමග කියා සිටියාය.
අතුරුදහන්වී ඇති බව කියන කාන්තාව සමග සම්බන්ධයක් ඇති කර ගැනීමට උත්සහ කළ බව කියන යුධ හමුදා සෙබළෙකුගෙන් සහ ත්රී රෝද රථ රියදුරෙකුගෙන්ද මේ සම්බන්ධව ප්රශ්ණ කළ බව මාදම්පේ පොලීසිය කියයි.එමෙන්ම ඇයට පහර දීමේ සිද්ධිය විභාග කිරීම ඇය අතුරුදහන්වීම බාධාවක් වී ඇති බවද අප කළ විමසුමකදී මාදම්පේ පොලීසියේ නිලධාරියෙකු පැවසීය.
අතුරුදහන්වී ඇති මෙම කාන්තාව සම්බන්ධයෙන් යම් තොරතුරුක් දන්නේ නම් මාදම්පේ පොලීසියට දැණුම් දෙන ලෙස ඇයගේ මව ඉල්ලීමක් කරයි.
විස්තර හා චායාරුප - ජුඩ් සමන්ත.
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...