තම ගමට යාමට ඇති එකම මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ඉල්ලා පැවති විරෝධතාවයක් හේතුවෙන් හලාවත නගරයේ සිට වැල්ල කොළණිය දක්වා වන මාර්ගයේ ගමනා ගමන කටයුතු 24 වැනිදා පෙරවරුවේ පැයකට වැඩි කාලයක් බාධා එල්ල විය.
එම මාර්ගයේ පිහිටි වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් හලාවත කොට්ඨාශ ඉංජිනේරු කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය දක්වන ලදි.
හලාවත නගරයේ සිට වැල්ල කොළණිය දක්වා ප්‍රවාහන කටයුතු සිදු කරන ත්‍රී රෝද රථ හිමියන් මෙම විරෝධතාවයට එක්වී සිටියේය.තම ත්‍රී රෝද රථ හලාවත - වැල්ල කොළණිය මාර්ගය හරස් වන ලෙස ගාල් කළ ත්‍රී රෝද රථ රියදුරන් අනතුරුව විරෝධතාවය දක්වා සිටින ලදි.
වැල්ල කොළණිය නියෝජනය කරමින් හලාවත නගර සභාවට ප්‍රධාන පක්ෂ දෙකෙන් මන්ත්‍රීවරුන් 05 දෙනෙකු සිටින නමුත් තම ගමට යාමට ඇති එකම මාර්ගය කාලයකින් ප්‍රතිසංස්කරණය කර නොමැති බව විරෝධතාකරුවන් කියා සිටියේය.රට පුරා දැවැන්ත මාර්ග සංවර්ධනයක් සිදු වන විට කිලෝ මීටර් 02 ක් පමණ වන තම තමට පිවිසීමට ඇති එකම මාර්ගය පිළිසරක නොරකන්නේ මන්දැයි ඔවුන් විමසා සිටියේය.
මෙම මාර්ගය අයත් වන්නේ වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට වන බැවින් ඒ සම්බන්ධයෙන් වගකීමක් තමන්ට ගත නොහැකි බව විරෝධතාකරුවන් අතරට පැමිණ හලාවත නගර සභාවේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු කියා සිටියේය.
තම ත්‍රී රෝද රථ මාර්ගය අවහිර වන ලෙස ගාල් කළ ත්‍රී රෝද රථ හිමියන් අනතුරුව වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ හලාවත කොට්ඨාශ කාර්යාලය වෙත ගොස් තම විරෝධතාවය දක්වා සිටියේය.
විරෝධතාකරුවන් අතරට පැමිණි වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ හලාවත කොට්ඨාසය බාර ඉංජිනේරු ජේ.එම්.එස්.ඒ.බණ්ඩාර මහතා කරුණු පැහැදිලි කිරීමට උත්සහ කළත් විරෝධතාකරුවන් ඒවා පිළිගත්තේ නැත.මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට වයඹ පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 06 ක මුදලක් වෙන් කර ඇති බව කොට්ඨාස බාර ඉංජිනේරුවරයා කියා සිටියත් විරෝධතාකරුවන් කියා සිටියේ තමන්ට අවශ්‍ය ස්ථීර විසදුමක් මිස තාවකාලික විසදුමක් නොවන බවය.
අනතුරුව විරෝධතාකරුවන් තිදෙනෙකු සහ කොට්ඨාස බාර ඉංජිනේරුවරයා වයඹ පළාත් මාර්ග සංවර්ධන අධ්‍යක්ෂකවරයා හමුවීමට තීරණය කිරීමෙන් අනතුරුව විරෝධතාවය අවසන් විය.
(විරෝධතාකරුවන් ත්‍රී රෝද රථ හරස් කරමින් මාර්ගය වසා දමා ඇති ආකාරය සහ කොට්ඨාශ බාර ඉංජිනේරුවරයා සමග සාකච්ඡා කළ ආකාරය ඡායාරූපයේ වේ)
විස්තර හා චායාරූප තොඩුවාව.com නිළ වාර්තාකරු ජූඩ් සමන්ත.
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...