
ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ හෙරොයින් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 528ක් සමඟ පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මාරවිල, තොඩුවාව මුහුදු තීරයේ ළඳු කැළෑවක තිබී එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 8 ඉක්ම වන බවයි. ඉන්දියාවේ සිට බෝට්ටුවකින් රැගෙන විත්, පසුව නොගැඹුරු මුහුදේ දී තෙප්පමක ආධාරයෙන් හෙරොයින් තොගය වෙරළට රැගෙන ආ බවයි විශ්වාස කෙරෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...