ඉන්දීය අත්අඩංගුවේ සිටින ඥාතීන් මුදාහරින්න – ඉරණවිල ධීවර ප්‍රජාව ඉල්ලයි




ඉන්දීය වෙරළාරක්‍ෂකයන්ගේ අත්අඩංගුවට පත්ව සිටින තම ඥාතීන් නිදහස් කරන ලෙස හලාවත ඉරණවිල ප්‍රදේශයේ ධීවර ප්‍රජාව ඉල්ලා සිටිනවා.ඔවුන් සඳහන් කරන්නේ පසුගිය මාර්තු 21 වැනි දා ත්‍රිකුණාමලය වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයන් 6 දෙනකු එලෙස ඉන්දීය අත්අඩංගුවේ පසුවන බවයි.පසුගිය 4 වැනිදා ඔවුන් චෙන්නායි වෙත රැගෙන ගොස් ඇති බවට වාර්තා වුවද, ඉන් පසු ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැහැ.මුහුදු සීමා උල්ලංඝණය කර මෙරට නාවික හමුදා අත්අඩංගුවට පත්වන ඉන්දීය ධීවරයන් මුදාහැරීමට කටයුතු කරනවා සේම, ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකීය ධීවරයන් මුදාගැනීට රජය කටයුතු නොකිරීම ගැටලූවක් බවයි ඔවුන් පවසන්නේ.



Share on Google Plus

About Lakshan Fernando

Lakshan Fernando is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...