ඉදිරියේදී දේශීය වෙළඳපොලේ මාළු මිල සීඝ්‍ර ලෙස පහත වැටෙනු ඇති බව මත්ස්යනිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමඊයේ සිට අත්හිටුවීමත් සමඟ දේශීය වෙළඳපොලට ලැබෙන අතිරේක තොග හේතුවෙන් මෙලෙසමිල පහළ යාම සිදුවන බවයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම අත්හිටුවීමටයුරෝපා කොමිසම තීරණය කළ බව මීට මාස 03 කට පෙර දැනුම් දී තිබුණි.
ඒ අනුව පසුගියද (15)මෙලෙස මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම අත්හිටුවන බවට යුරෝපා කොමිසම දැනුම් දී තිබේ. මෙම ගැටලූවට ඉදිරියේදී කඩිනම් විසඳුමක් බලාපොරොත්තු වන බවයිමත්ස්ය නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.
උපුටා ගැනීම lfn.lk
0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...