කැලි හයට කපලා කුණු බක්කියේ දාලා


ලෙබනන් හි බීරූට් නුවර රැකියාවේ නියුතු
දිලීකා මධුරාණිගේ හොඳම මිතුරියකු වූ
අනූෂා පසුගිය හතරවැනි සඳුදා උදේ ස්කයිප්
ඔස්සේ දිලීකාගේ මව ඇමතුවාය. මහවැව,

තොඩුවාව ප්රදේශයේ පදිංචි
දිලීකාගේ නිවෙසේ ලැප්ටොප් යන්ත්රය
ඉදිරියේ පෙනී සිටියේ නැගණිය සජිනියි. වෙනදාට
සිනාසිසී විහිළුවෙන් තහළුවෙන් කතා කරන
අනූෂාගේ මුහුණේ අද සිනහවක් නැත.
“නංගී... අක්කා කතා කරාද?”
“නෑ... අනූෂා අක්කේ...
සෙනසුරාදා රෑ අක්කා අපේ අනිත් අක්කට ස්කයිප්
එකෙන් කතා කරලා තිබුණා. ඊයේ නිවාඩු නිසා අපි
කතා කළේ නැහැ. අද රෑ වෙලා කතා කරන්නයි
ඉන්නේ... ඇයි අක්කේ... මොකක් හරි ප්රශ්නයක්
ද? ...”
නැගණිය සජිනි අනූෂාගෙන් එසේ විමසන විට
දිලීකාගේ මව මරියා ද පසෙක වූවාය.
“නංගී... අක්කා දැන් දවස් දෙක තුනක
ඉඳලා අගිය අතක් නෑ. කිසිම තොරතුරක් නෑ.
ඒකයි බැලුවේ...” අනූෂා කියා සිටියාය. සිය බාල
දියණිය ලෙබනනයේ සිටිනා වැඩිමල්
දියණියගේ මිතුරිය සමඟ කරනා කතා බහට සවන්
යොමාගෙන සිය මරියා කලබලයට පසුවූවාය.
“අනේ... මගේ දුවට එහෙම වුණේ කොහොම ද?
සල්ලි ගන්නවත් කවුරුහරි පැහැරගෙන ගිහින් ද?
අනේ.. අනූෂා දුවේ ඔයාලා මොනවා හරි
කරන්න...” මව මරියා ඇයගෙන්
ඉල්ලා සිටියේ පොලිසියට පැමිණිල්ලක් දමා සිය
දියණියගේ අතුරුදන් වීම පිළිබඳ
සොයා බලනා ලෙසයි. එවිට
අනූෂා කියා සිටියේ පැමිණිල්ල කිරීම
සඳහා දිලීකා වැඩ කළ නිවෙසේ මැඩම් ද සමඟ
යායුතු බවයි. ඒ හෙයින් කළ හැකි දෙයක්
කරනා ලෙස අනූෂාට උපදෙස් දුන් මරියා ඊළඟ
දිනයේ එනම් පස්වැනි
අඟහරුවාදා උදේ පාන්දරින්ම ගියේ ශ්රී
ලාංකා විදේශසේවා නියුක්ති කාර්යාංශය වෙතටයි.
ලෙබනන් රටේ බීරූට් නුවර
ගෘහසේවයේ නියුතුවසිටි තම දියණිය දින
දෙක තුනක සිට අතුරුදන් බවත්, ඇයට
සිදුවූයේ කුමක් දැයි සොයා දෙන ලෙසටත්, විදේශ
සේවා නියුක්ති කාර්යාංශයේ පැමිණිල්ලක් කළ
මරියා ඬ;වසට පැමිණියේ ස්කයිප් ඔස්සේ අලුත්
තොරතුරු ලැබී ඇද්දැයි දැන ගැනීිමේ අරමුණෙනි.
එහෙත්.. එදින කිසිවකු හෝ ඇයට කතාකොට
තිබුණේ නැත. ඊට පසු දා එනම් හය වැනි
බදාදා උදෙන්ම ස්කයිප් ඔස්සේ සම්බන්ධ වූ
අනූෂා මරියාට කියා සිටියේ අද දිනයේ කොහේවත්
නොයා නිවෙසට වී සිටින ලෙසටයි.
“ඇයි... දුවේ... ගෙදර ඉන්න කියන්නේ... මොනව
හරි තොරතුරක් ලැබුණ ද?”
“ඔව්... ඇන්ටි... දිවුරාවල කුණු බක්කියක
තිබිලා ගෑනු කෙනකුගේ කපලා දාපු මිනියක්
හම්බවෙලා. මිනිය හඳුනාගන්න අපිට එහේට එන්න
කිව්වා. අපි යාලුවෝ අටදෙනෙක් එහාට යනවා.
ගිහින් බලලා අපි කතා කරන්නම්” එසේ කී
අනූෂා ස්කයිප් ඇමතුමෙන් ඉවත් වූවාය.
ඇය යළිත් ස්කයිප් ඔස්සේ දිලීකාගේ නිවෙසේ අය
හා සම්බන්ධ වූයේ එදින සවස පහමාරට පමණය.
“කියන්න දුවේ... කාවද කපලා දාලා තිබුණේ...”
මව මරියා දැඩි නොඉවසිල්ලෙන් විමසුවාය.
“කලබලවෙන්න එපා ඇන්ටි. හිත හදාගන්න. ඒ
කෑලිවලට කපලා දාලා තිබුණේ දිලීකා තමයි. අපි
අටදෙනාම හඳුනාගත්තා. එයාව කෑලි හයකට
කපලා දාලා තිබුණා. ඒත්... කඳ කොටසයි ඔළුවයි
විතරයි හම්බවෙලා තිබුණේ. අනිත් කෑලි නෑ”
මේ වදන් කන වැකුණු සැණින් මරියා කෑ මොර
දෙමින් හඬා වැටෙන්නට වූවාය. ඒ වන විට
අසල්වාසීන් ද රැසක් මෙම නිවෙසට එක් රොක්ව
සිටි අතර ලෙබනනයෙන් ආ එම පුවත ඇසූ ඔවුහු ද
දැඩි කම්පනයට මෙන්ම පුදුමයට පත් වූහ.
“අනේ... අපේ පවුල ගොඩ දාන්න කියලා රට ගිය
මගේ ලොකුª කෙල්ල.. එයාට මේ අපරාධය
කළේ කවුද...?” සිය වැඩිමල් දියණියගේ සාහසික
මරණය පිළිබඳ දැඩි කම්පනයට පත් වූව ද
ධෛර්යවන්ත කාන්තාවක වූ මරියා මෙරට දි
දියණිය වෙනුවෙන් කළ හැකි සියල්ලක්ම කිරීමට
කටයුතු කළාය. දිලීකාගේ ඝාතනය පිළිබඳ
තොරතුරු රැසක් සොයා ගැනීමට ද
මරියා හා සජිනිට හැකිවිය.
එරටින් ලැබුණු තොරතුරුවලට අනුව පසුගිය
තුන්වැනි ඉරිදා දිනයේ දී දිලීකා නවාතැනින් පිටව
ගොස් ඇත්තේ මුදල් ගනුදෙනුවක් පිළිබඳ
සොයා බැලීම සඳහාය. ඉරිදා දිනය නිවාඩු දිනයක්
බැවින් ඇය එදිනට මෙම ගමන යොදාගෙන තිබිණි.
එරට ඒජන්සියක වැඩ කරන ශ්රී ලාංකිකයකු
ඇයගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලාගෙන
ඇති බව කියයි. ඇය එදින නවාතැනින් පිටව
ගොස් ඇත්තේ එම මුදල ඉල්ලාගෙන ඒම සඳහාය.
එහෙත් එදින නිවෙසින් පිටව ගිය ඇය ආපසු
පැමිණියේ නැත.දින තුනක් ගත වනතුරුම කිසිදු
තොරතුරක් ද ලැබුණේ නැත.
මේ අතර පසුගිය හය වැනි
බදාදා උදේ දිවුරා ප්රදේශයේ කුණු බක්කි සුද්ධ
පවිත්ර කරන කම්කරුවන් එක් කුණු බක්කියක්
සිරිසුදු කිරීමේ දී කාන්තා මළ සිරුරක කොටස්
දෙකක් හමුවී තිබිණි. හිස සහ අත් පා වෙන්කරන
ලද කඳ කොටසක් මෙලෙස හමුවිය. ඔවුන්
වහා මේ බව දිවුරා පොලිසියට දැන්වීය.
එම ස්ථානයට ගිය පොලිසිය හමු වූ කොටස් දෙක
බාද්දා රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ගිය
අතර ඝාතන සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ද ආරම්භ
කළේය.
වටින් පිටින් ලැබුණු තොරතුරුවලට අනුව
ඒජන්සියේ වැඩ කළ ශ්රී
ලාංකිකයා සොයා පොලිිසියට ගිය ද ඒ වන විට
ඔහු ප්රදේශයෙන් පලාගොසිණි. එරටින් ලැබෙන
තොරතුරුවලට අනුව ඔහු සේවය කළ ඒජන්සියෙන්
පිටව වෙනත් ඒජන්සියකින් ලංකාවට පැමිණීමට
ගුවන් ටිකට්පතක් මිල දී ගෙන ඇත. එහෙත්... ඔහු
මෙරටට ද පැමිණ නැතැයි කියයි. ඔහු එරට වෙනත්
ප්රදේශයක සැඟවී ඇතැයි උපකල්පනය කරන
දිවුරා පොලිසිය ඔහු සෙවීමේ මෙහෙයුම් ආරම්භ
කර ඇති බව දැනගන්නට ඇත.
ඝාතනය වූ දිලීකාගේ දෙඅත් හා දෙපා තවමත්
සොයාගෙන නැත. ඇයගේ මරණය පිළිබඳ පශ්වාත්
මරණ පරීක්ෂණයක් පවත්වා සැකකරුවන් පිළිබඳ
නිවැරදි තොරතුරු සොයාගත යුතුව ඇත.
එම පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ඇයගේ මළ
සිරුර මෙරටට ගෙන්වා ගැනීමට
හැකිවන්නේ නැත.විදේශසේවා නියුක්ති
කාර්යාංශයේ මාධ්ය ප්රකාශක මංගල රන්දෙණිය
මහතා කියා සිටියේ එම පරීක්ෂණ කටයුතු අවසන්
වී එරට අධිකරණයෙන් මළ සිරුර නිදහස් කළ
වහාම මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු
කරනා බවයි.
මුලු රටම කම්පනයට පත්කරමින් කුරිරු ලෙස
ඝාතනයට ලක් වූ දිලීකා පදිංචි නිවෙසට අපි ගොඩ
වූයේ ඇය පිළිබඳ සත්ය තොරතුරු සොයා ගැනීම
සඳහායි.
මහවැව තොඩුවාව ප්රදේශයේ උපන් ඇය
දිලීකා මධුරානි පෙරේරා නම් වන්නීය. මියයන විට
තිස්දෙවැනි වියේ පසු වූ ඇය තවමත් අවිවාහකය.
මරියා ප්රනාන්දු හා පීටර් පෙරේරා ගේ වැඩිමල්
දියණිය ලෙසින් මෙලොව එළිය දුටු දිලීකාට බාල
සහෝදරයන් දෙදනකුª සිටී. ඉන් වැඩිමල්
සහෝදරියත් සහෝදරයාත් විවාහ වී නිවෙසින්
පිටව ජීවත්වන අතර බාල නැගණිය සජිනි පමණක්
මව හා පියා සමඟ එම නිවෙසේ පදිංචිව සිටී.
කුඩා අවදි යේ සිටම ලස්සනට අඳීන්න පළඳීන්න
ප්රිය කළ දිලීකා පාසල් අධ්යාපනයට එතරම් ප්රිය
කළේ නැත. තොඩුවාව
නවෝද්යා මහා විද්යාලයේ පස්වැනි පන්තිය
දක්වා පමණක් අධ්යාපනය හැදෑරූ ඇය ඉන්
අනතුරුව අධ්යාපන කටයුතුවලට යොමුවූයේ නැත.
ධීවර කර්මාන්තයේ යෙදී සිටින පියා දෛනිකව
බලන අදායම මේ පවුලේ නඩත්තුවට ප්රමාණවත්
නොවූ අතර දිගින් දිගටම ආර්ථික ප්රශ්න උග්ර
වෙද්දී දිලීකා රට රස්සාවකට යාමට තීරණය
කළාය.
ඒ අනුව දිලීකා දෙදහස් පහ වසරේ දී ලෙබනන්
රටට ගියේ ගෘහ සේවිකාවක ලෙසිණි. අනෙක්
මැදපෙරදිග රටවලට වඩා ලෙබනන් හි
සේවයේ යෙදී සිටින අයට නිදහසක් උරුමව ඇත.
ඒ අනුව එරට ගෘහ සේවයට යන කාන්තාවන්ට
තමා සේවය කරනා නිවෙසේම රැඳී සිටිය යුතුය
කියා නියමයක් නැත.
එරට රැකියාවට ගොස් ටික කලක් ගතවෙද්දී
දිලීකා ද කාමරයක් කුලියට ගෙන පදිංචිව
උදේ රැකියාවට ගොස් යළි පැමිණෙන්නට පුරුදු
වූවාය. රැකියාවට ගිය දිනයේ සිටම ඇයට
වුවමනා වූයේ මවුපියන්ට මුදලින් උදව් උපකාර
කිරීමටයි. මුලින් වැටුප් ලැබුණ දිනයේ සිට ඝාතනය
වන තුරුම ඇය සෑම මසකම අම්මාට මුදල් එව්වාය.
දිලීකලා පදිංචි මෙරට නිවෙස වසර හැටක් පමණ
පැරණි එකකි. එහි දිලීකාගේ මව පියා හා නංගීට
අමතරව තවත් තිදෙනකු පදිංචිව සිටී. දෑස් අන්ධ
මාමා හා තවත් රෝගී ඥාතීවරයෙකි. ඇයට තවත්
අන්ධ නැන්දා කෙනකු සිටී. මේ තරුණ
දිලීකාගේ එකම ආශාව වී තිබුණේ තම දහඩිය
මහන්සියෙන් උපයා ගන්නා මුදල් එම පස්
දෙනා වෙනුවෙන් වියදම් කොට ඔවුන් සතුටින් ජීවත්
වන හැටි බලා සිටීමයි.
“දුව අපිට හරිම ආදරෙයි. එයා කිය
කියා හිටියේ මම කවදාවත් බඳීන්නෙ නෑ. කවද
හරි මම ලංකාවේ නවතින්න
එන්නේ මේ ගේ කඩලා අලුතින් ගෙයක් හැදුවට
පස්සෙයි. ඊට පස්සේ මම ලංකාවට එනවා. ආපසු
නොයන්න. ඇවිත් අම්මයි, තාත්තයි, සීයයි,
නැන්දයි, මාමයි බලාගෙන ඉන්නවා කියලා” මව
මරියා පවසන්නීය.
මව මරියා පැවසුවාය. කිසිදින විවාහ නොවන බව
කීවද ඇය එරට දී ප්රේම සබඳතාවක්
පවත්වාගෙන ගොස් ඇත. ඒ.. පෙර කී
ඒජන්සියේ වැඩකළ ශ්රී ලාංකික
පුද්ගලයා සමඟිනි. විවාහකයකු වූ ඔහුගේ බිරිය
හා දරුවන් ද එරට පදිංචිව සිට ඇති අතර මෑතක
දී එම පවුල මෙරටට පැමිණ ඇත.පසුව බිරිය
හා දරුවන් මෙරට සිටිය දී සැමියා පමණක් යළි
ලෙබනනයට ගොස් ඇත.
මෙම සම්බන්ධකම පිළිබඳ දිලීකාගේ මවුපියන්ට ද
ආරංචි වීමට වැඩිකල් ගතවූයේ නැත. සිය
දියණියගේ මේ වැරදි ක්රියාව පිළිබඳ දැනගත් මව
මරියා ඇයට තරයේ අවවාද කළේ එම
සම්බන්ධකම නවත්වා දමන ලෙසටයි.
මවගේ අවවාදවලට කන්දුන් දිලීකා කල් ගත්වෙද්දී
එම සම්බන්ධකම නවතා දැමීමට කටයුතු කළාය.
ඔහු හා හිතවත්ව සිටි සමයේ ඇය ඔහු රැකියාව
කළ ඒජන්සිය හරහා එරටට ගෘහ සේවිකාවන්
ගෙන්වා ගැනීමට ද කටයුතු කළාය. ඒ අනුව ඇය
දන්නා හඳුනන තරුණියන් දසදෙනකු පමණ එරටට
ගෙන්වා රැකියා ලබා දීමට කටයුතු කළ අතර ඉන්
ඇයට යම් මුදලක් ද උපයා ගැනීමට හැකි වූවාය.
මීට මාස කිහිපයකට ඉහත ඇය මෙරට ඥාතීන්ට
කියා රුපියල් ලක්ෂ දෙකක මුදලක් එරටට
ගෙන්වාගෙන තිබිණි. මව සහෝදරියන් එක්ව රන්
අභරණ උකසට තබා ඇයට මෙම මුදල
යවා තිබණි. එම මුදල අවශ්ය තිබී
ඇත්තේ ඒජන්සියේ රැකියාව කළ පුද්ගලයාට බව
කියයි. පසුව මෙරට සිටින ඔහුගේ ඥාතී
දිලීකාගේ පවුලේ අය උකස් තැබූ රන් අභරණ
බේරා ණය මුදල පියවා ඇත.
ඇය... පසුගිය ඉරිදා උදේ නවාතැනින් පිටව ගොස්
ඇත්තේ තමාට ලැබිය යුතු මුදල් රුපියල් ලක්ෂයක
මුදලක් ඉල්ලාගෙන ඒමට යන බව කියමිනි.
“සෙනසුරාදා දුව ස්කයිප් එකෙන් අනිත් දුව එක්ක
කතා කරලා තිබුණා. එයා කියලා තිබුණා සඳුදට
සල්ලි ටිකක් දානවා ආච්චි අම්මටත් අසනීපයි
නිසා එයාට බෙහෙත් ගන්නත් කීයක් හරි දෙන්න
කියන්න ඕන කියලා තිබුණා.”
“දුව තව තව විස්තර කියද්දී මෙහේ දුවට නිදිමත
හැදිලා. එයා කියලා අක්කේ දැන්
රෑ වෙලා නිසා මම කියන්නම් කියලා.
දිලීකා කියලා තිබුණා හෙට
යාළුවකුගේ දානේ ගෙදරකත් යන්න
තියෙනවා කියලා.”
“එදා එයා අපිට කතා කළේ නෑ. අපි කොහොමත්
ඉරිදට එයාට කතාකරන්නේ නෑ. නිවාඩු
දවසේ එයා යාළුවොත් එක්ක විනෝදයෙන් ඉන්න
නිසා. අපි එයාට සඳුද හවස කතා කරන්නයි
හිටියේ. නමුත්...
ස¼ුදුදා උදේ එයාගේ යාළුවා කතා කරලා කිව්වා දුව
ආගිය අතක් නෑ කියලා.”
“අපිට ආරංචියි එහේ පොලිසියෙ දුවගේ මරණය
ගැන උනන්දුවෙන් වැඩ කරන්නේ නෑ කියලා. අපිට
දැන ගන්න ඕන මගේ දුවට මේ අපරාධය
කළේ ඇයි කියලා. මම ඉල්ලා සිටින්නේ විධිමත්
පරීක්ෂණයක් කරලා අපරාධකරුවන්ට දඬුවම්
ලබාදෙන්න කියලා. ඒකට මැදිහත් වෙන්න කියලා.
මම විදේශසේවා නියුක්ති කාර්යාංශයෙන්
ඉල්ලා සිටිනවා මගේ දරුවගේ මිනිය ඉක්මනට
මෙරටට ගෙනැත් දෙන්න කියලත් මම ඉල්ලනවා.”
මව මරියා හැඬූ කඳුළින් පැවසුවා.
*උපුටා ගැණිමකි. (Maanchuwa)
** දැන් ඔබට අපේ තොඩුවාව පෙජ් එක සදහා
www.thoduwawa.com yana වෙබ් ලිපිනයෙන්
පිවිසිය හැක.
Share on Google Plus

About Unknown

Unknown is www.thoduwawa.lk's Media Team's Officeal Member

0 facebook--blogger:

Post a Comment

ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...