
පෙරේදා (05) සවස ලෙබනන් රටේ සිට මෙරටට එවන ලද අර්ධ කොටසකින් යුක්ත කාන්තා මළ සිරුර පිළිබඳ මීගමුව රෝහලේ දී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ හිසට තදබල ලෙස පහර දී මෙම මරණය සිදුකර තිබෙන බවයි.
ලෙබනනයේ සිට එවන ලද මෙම කාන්තා මළ සිරුරේ අත් දෙක තිබී නැත. නාභියෙන් යට කොටස ද නැත. මෙ බව දකින්නට ලැබී ඇත්තේ ඊයේ සවස මීගමුව මහ රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මෘත දේහය බහා මෙරටට එවා තිබූ පෙට්ටිය විවෘත කිරීමේදීය.
මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ.දයාපාල මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලදි.
ඔහු දුන් වෛද්‍ය නිගමන සැලකිල්ලට ගත් මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා මෙය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවට තීන්දු කළේය.
සාහසික මරණයට ගොදුරු වී ඇත්තේ මහවැව,තොඩුවාවේ පදිංචි වී සිටි 32 හැවිරිදි දිල්කා මදුරාණි පෙරේරා නැමැති කාන්තාවයි. මීට වසර හතකට පමණ පෙර ඇය ලෙබනනය බලා ගොස් ඇත්තේ ගෘහ සේවිකා රැකියාවක් සඳහායි. ඇගේ දෙමව්පියන් මහලුය.
මවගේ සහෝදරිය (පුංචි අම්මා) සහ ඇගේ සැමියා යන දෙදෙනා ද අන්ධය. ඔවුන්ට රැකවරණය ලබා දෙමින් ජීවත් කරවා ඇත්තේ මියගිය දිල්කා විසින් බව පැවසේ.
මීට මාස දෙකයි දින හතකට පමණ පෙර ඇය හදිසි අනතුරකින් මියගිය බව දැන ගන්නට ලැබී ඇති අතර එතැන් සිට මළ සිරුර මෙරටට ගෙන්වා ගන්නට ඇගේ මව්පියන් ඇතුළු ඥාතීන් බොහෝ උත්සහ දරා තිබේ.
එහි ප්‍රතිපලයක් වශයෙන් මළ සිරුර පෙරේදා මෙරටට ලැබී ඇත
ඡයා රූපාගත කරණය kasun deemantha
දිලිකගේ වුනු විපත ගැන විස්තර කරන පෙර ලිපි :
- http://www.thoduwawa.com/2013/04/blog-post_7386.html
- http://www.thoduwawa.com/2013/05/blog-post.html
- http://www.thoduwawa.com/2013/05/blog-post_6.html














0 facebook--blogger:
Post a Comment
ඔබගේ අදහසට ස්තුතියි
Thoduwawa.com Media Team...